ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර්,ඊජිප්තු ජනාධිපති අබ්දෙල් ෆටා එල්-සිසි සමඟ ඉරිදා සාකච්ඡාවක් පැවැත්වීය. එහිදී කෝප්27 හි සාර්ථකත්වය සඳහා ඊජිප්තු සභාපති ධුරය යටතේ ඉන්දියාවේ කැපවීම ඉස්මතු කර තිබේ.

මෙම හමුවේදී දෙරට අතර සබඳතා ශක්තිමත්ව වර්ධනය කිරීම සඳහා ඊජිප්තු ජනාධිපතිවරයාගේ මගපෙන්වීම පිළිබඳව ද ඔහු සිය ප්‍රසාදය පළ කළේය.

ඊජිප්තු ජනාධිපති අබ්දෙල් ෆටා එල්-සිසි ඇමතීමට ලැබීම ගෞරවයක් ලෙස ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් පැවසීය. දෙරට අතර සබඳතා ශක්තිමත් කර ගැනීම සම්බන්ධයෙන් ඊජිප්තු විදේශ කටයුතු අමාත්‍ය ෂෞක්‍රිගේ සමඟ සාකච්ඡා කළ බව ඔහු වැඩිදුරටත් පැවසීය.

සාමය, ප්‍රගතිය සහ සංවර්ධනය ප්‍රවර්ධනය සඳහා ස්වාධීන මනසක් ඇති ජාතීන් වශයෙන් ඉන්දියාව සහ ඊජිප්තුව ගෝලීය කතිකාවත සඳහා දායක වේ යැයි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් පැවසීය.

ජී-20 හි ඊජිප්තුවේ සහභාගීත්වය ඉන්දියාව අගය කරයි. ඊජිප්තු සභාපතිධූරය යටතේ කෝප්27 හි සාර්ථකත්වය සඳහා ඉන්දියාව සම්පූර්ණයෙන්ම කැපවී සිටිමු යැයි එස් ජයශංකර්

ට්වීටර් මගින් අවධාරණය කළේය.

ඊජිප්තු සහකාර විදේශ ඇමති සමේ ෂෞක්රි සමඟ හමුවේදී ආරක්ෂාව, ධාරිතා ගොඩනැගීම, තොරතුරු තාක්ෂණ, බලශක්ති, ඖෂධ සහ සෞඛ්‍ය, කෘෂිකර්මය, යටිතල පහසුකම්, රසායනික, සයිබර් ආරක්ෂාව සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ඇතුළු ආර්ථික හා වාණිජ වසම් පිළිබඳ ද්විපාර්ශ්වික සාකච්ඡා බව ඔහු ට්වීටර් මගින් පැවසීය.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් වැඩිදුරටත් පැවසූයේ වෙළඳාම සහ ආයෝජන, අධ්‍යාපනය, සංචාරක සහ සම්බන්ධතා නව සහ පුනර්ජනනීය බලශක්තිය තුළ ඇති අවස්ථා සම්බන්ධයෙන් ඊජිප්තු කෝප්27 සභාපති ධුරය සඳහා ඉන්දියාවේ සහාය ප්‍රකාශ කළ බවයි.

පසුගිය වසරේ දෙරටේ වෙළදාම ඩොලර් බිලියන 7.2 ඉක්මවා ඇති බව මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු පැවසීය. එමෙන්ම දෙරටේ ද්විපාර්ශ්වික වෙළෙඳ හා වාණිජ්‍යය ඉතා විශාල වර්ධනයක් අත්කර ගෙන ඇති බව ඔහු සඳහන් කළේය.

ඊජිප්තූවෙහි ආයෝජන ක්ෂේත්‍රයෙහි ඇමර්කානු ඩොලර් බිලියන 3 කට වඩා වැඩි වාර්තාගත ආයෝජනයක් ඉන්දියානු සමාගම් විසින් සිදු කර ඇති බව ඔහු පෙන්වා දුන්නේය.

මෙම හමුවේදී අමාත්‍යවරුන් දෙදෙනා විසින් ගුවන් සම්බන්ධතා සහ සංචාරක ව්‍යාපාරය වර්ධනය කිරීම සම්බන්ධයෙන් කළ යුතු සාධනීය මැදිහත්වීම පිළිබඳව ද සාකච්ඡා කළහ.

අරාබි රාජ්‍ය ලීගයේ මහලේකම් අහමඩ් අබ්දුල්-ගෙයිට් හමු වූ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා දෙපාර්ශවය අතර සහයෝගීතාව තීව්‍ර කිරීම සහ කලාපීය හා ගෝලීය ගැටලු පිළිබඳවද සාකච්ඡා කළේය.

ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස්