ඉල්ලීම් 10ක්‌ මුල්කරගෙන හෙට වෛද්‍ය වර්ජනයක්‌

Spread the love

සයිටම් අර්බුදයට වහා විසඳුම් ලබාදෙන ලෙස ඇතුළු තවත් ඉල්ලීම් දහයක්‌ මුල්කර ගනිමින් රට පුරා රෝහල්වල හෙට (30 දා) වෛද්‍ය වැඩවර්ජනයක්‌ ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කරයි.

හෙට උදැසන 8.00 සිට මෙම දීප ව්‍යාප්ත වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බව කී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් හරිත අලුත්ගේ මහතා මෙමගින් ජනතාවට සිදුවන බලපෑම පිළිබඳ වගකීම රජය භාරගත යුතු බව ප්‍රකාශ කළේය.

වෛද්‍යවරුන්ගේ අමතර රාජකාරි දීමනාව සංශෝධනය නොකිරීම, රජයේ සේවයේ තෝරාගත් කාණ්‌ඩ සඳහා මූලික වැටුප් වැඩිවීම් ලබාදීමට උත්සාහ කිරීම ඇතුළු ඉල්ලීම් මෙම වර්ජනයට මූලික කරගන්නා බවද අලුත්ගේ මහතා කීවේය.

RSL

Related Posts