ඉන්දු-යුරෝපා සංගමයේ වෙළඳ හා තාක්ෂණ කවුන්සිලය යටතේ ක්‍රියාකාරී කණ්ඩායම් තුනක් පිහිටුවීම ඉන්දියාව සහ යුරෝපා සංගමය සඳුදා නිවේදනය කළේය.

වෙළඳ හා තාක්ෂණ කවුන්සිලය යනු උපායමාර්ගික සම්බන්ධීකරණ යාන්ත්‍රණයක් වන අතර එය වෙළඳාම, විශ්වාසදායක තාක්‍ෂණය සහ ආරක්ෂාව යන සම්බන්ධයන්හි අභියෝගවලට මුහුණ දීමට හවුල්කරුවන්ට ඉඩ සලසයි. එමඟින් ඉන්දියාව සහ යුරෝපා සංගමය අතර මෙම ක්ෂේත්‍රවල සහයෝගීතාව පුළුල් වන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසීය.

ඉන්දියාව සමඟ ඇති වෙළඳ හා තාක්ෂණ කවුන්සිලය යුරෝපා සංගමය සඳහා එවැනි දෙවන කවුන්සිලය පමණක් වන අතර ඉන්දියාව සඳහා එවැනි පළමු යාන්ත්‍රණය බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් පැවසීය.

2022 අප්‍රේල් මාසයේදී ඉන්දීය සංචාරයේදී අගමැති නරේන්ද්‍ර මෝදි සහ යුරෝපීය කොමිසමේ සභාපති උර්සුලා වොන් ඩර් ලේන් විසින් කවුන්සිලය දියත් කරන ලදී.

වෙළඳ හා තාක්ෂණ කවුන්සිලය යටතේ පිහිටුවා ඇති ක්‍රියාකාරී කණ්ඩායම් තුන නම්:

1.උපාය මාර්ගික තාක්ෂණයන්, ඩිජිටල් පාලනය සහ ඩිජිටල් සම්බන්ධතාව පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායම: ඉලෙක්ට්‍රොනික හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් විසින් සභාපතිත්වය දරනු ලබයි.

2.හරිත හා පිරිසිදු බලශක්ති තාක්ෂණයන් පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායම: ඉන්දීය රජයේ ප්‍රධාන විද්‍යාත්මක උපදේශකගේ මුලසුන දරයි.

3.වෙළඳාම, ආයෝජන සහ ඔරොත්තු දෙන අගය දාමයන් පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායම: ඉන්දීය වාණිජ දෙපාර්තමේන්තුවේ ලේකම් විසින් සභාපතිත්වය දරනු ලැබේ.

ඉන්දීය විදේශ කටයුතු,වාණිජ සහ කර්මාන්ත; සහ සන්නිවේදන, ඉලෙක්ට්‍රොනික සහ තොරතුරු තාක්ෂණය අමාත්‍යවරුන් විසින් වෙළඳ හා තාක්ෂණ කවුන්සිලය හි සම සභාපතිත්වය දරනු ඇත.

ඩිජිටල් තාක්‍ෂණය සහ වෙළඳාම භාරව සිටින යුරෝපීය කොමිසමේ විධායක උප සභාපතිවරුන් විසින් එය යුරෝපා සංගමයේ පාර්ශවයෙන් සම සභාපතිත්වය දරනු ඇත.

ඒකාබද්ධ ප්‍රකාශයකට අනුව, ක්‍රියාකාරී කණ්ඩායම් දැන් වෙළඳ හා තාක්ෂණ කවුන්සිලය හි පළමු රැස්වීම සඳහා සූදානම් වීමට පටන් ගෙන ඇත. එය මීළඟ ඉන්දීය-යුරෝපා සංගමයේ සමුළුවට පෙර පැවැත්වේ.

ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස්