ෂැංහයි සහයෝගිතා සංවිධානයේ රජයේ ප්‍රධානීන්ගේ කවුන්සිලයේ 21 වන රැස්වීමට සහභාගී වෙමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයිශංකර් විසින් කලාපයේ ආර්ථික විභවයන් විවෘත කිරීම සඳහා ෂැංහයි සහයෝගිතා සංවිධානයේ සාමාජික රටවල් අතර වඩා හොඳ සම්බන්ධතාවයක අවශ්‍යතාවය අවධාරණය කළේය.

තවද ඔහු ෂැංහයි සහයෝගිතා සංවිධානයේ සාමාජිකයින් සමඟ ඉන්දියාවේ වාණිජ්‍යය වර්ධනය සඳහා විශාල ඉඩක් ඇති බව ද පෙන්වා දුන්නේය.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයිශංකර් ට්වීට්ර් මාලාවකින් සිය දේශනයේ විශේෂ අවස්ථා බෙදා ගත්තේය.

මධ්‍යම ආසියාතික රාජ්‍යවල කේන්ද්‍රීය අවශ්‍යතා මත ගොඩනගා ඇති ෂැංහයි සහයෝගිතා සංවිධානයේ කලාපය තුළ වඩා හොඳ සම්බන්ධතාවයක් අවශ්‍ය බවට ඔහු ට්වීටර් සටහක් තැබීය.

ජාත්‍යන්තර උතුරු-දකුණු ප්‍රවාහන කොරිඩෝව සහ චබහාර් වරාය ඇතුළු විවිධ සම්බන්ධතා ව්‍යාපෘතිවල සහාය ඇතිව කලාපයේ ආර්ථික විභවයන් වෙත ප්‍රවේශ විම සුමට කිරීම ගැන ද ඔහු කතා කළේය.

තවද සාමාජික රටවල ස්වෛරීභාවයට,භෞමික අඛණ්ඩතාවයට සහ ජාත්‍යන්තර නීතියට ගරු කළ යුතු බව ඔහු තවදුරටත් පැවසීය.

සාධාරණ වෙළඳපල ප්‍රවේශය අවශ්‍ය වන අතර එය සැමට ප්‍රයෝජනවත් වන බව ඔහු වැඩිදුරටත් පැවසීය.ඇමරිකානු ඩොලර් බිලියන 141 ක් වන ෂැංහයි සහයෝගිතා සංවිධානයේ සාමාජිකයින් සමඟ ඉන්දියාවේ වාණිජ්‍යය දැවැන්ත වර්ධන විභවයක් ඇති බව ඔහු සඳහන් කළේය.

මෙහිදී ඉන්දියාවේ නව උපනතීන් පිළිබඳ විස්තර කරමින් එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර මෙනේරි වසර වන 2023 දී ආහාර ගැටලුව විසඳීම සඳහා ෂැංහයි සහයෝගිතා සංවිධානයේ සාමාජික රටවල් සමඟ වැඩි සහයෝගීතාවයක් ප්‍රවර්ධනය කිරීමට ඉන්දියාව සැලසුම් කරන බව ඔහු අවධාරණය කළේය.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් දියත් කරන ලද මිෂන් ලයිෆ් පිළිබඳව ද ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයිශංකර් කතා කළේය.

ගුජරාටයේ මෝර්බි ඛේදවාචකයෙන් මිය ගිය අය වෙනුවෙන්සු ෂැංහයි සහයෝගිතා සංවිධානයේ සාමාජිකයින් විසින් ශෝක ප්‍රකාශ කිරීම පිළිබඳ ඔහු සිය කෘකඥතාව පළ කළේය.

ඉන්දියාව වසංගතයෙන් පසු ආර්ථික පෙරමුණේ ශක්තිමත්ව ප්‍රකෘතිමත් වීම ඔහු අවධාරණය කළේය.දේශගුණික විපර්යාසයේ අභියෝගයට එරෙහිව සටන් කිරීමේදී ඉන්දියාවේ කැපවීම සහ ලබා ඇති ජයග්‍රහණ පිළිබඳව විදේශ කටයුතු අමාත්‍යවරයා අවධාරනය කළේය යැයි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

ඉන්දියාවට අමතරව, අනෙකුත් ෂැංහයි සහයෝගිතා සංවිධානයේ සාමාජික රටවල්, නිරීක්ෂක රාජ්‍යයන්, ෂැංහයි සහයෝගිතා සංවිධානයේ මහලේකම්වරයා, ෂැංහයි සහයෝගිතා සංවිධානයේ කලාපීය ත්‍රස්ත විරෝධී ව්‍යුහයේ විධායක අධ්‍යක්ෂ, ටර්ක්මෙනිස්තානය සහ අනෙකුත් රටවල ආරාධිත අමුත්තන් මෙම රැස්වීමට සහභාගී විය.

ඉන්දියාව 2017දී ෂැංහයි සහයෝගිතා සංවිධානයේ නිත්‍ය සාමාජිකයෙකු විය. රුසියාව, චීනය, කිර්ගිස් ජනරජය, කසකස්තානය, ටජිකිස්තානය සහ උස්බෙකිස්තානය යන රටවල නායකයින් 2001 දී ෂැංහයි හි පැවති සමුළුවකදී ෂැංහයි සහයෝගිතා සංවිධානයේ පිහිටුවන ලදී. පකිස්ථානය කලාපීය කණ්ඩායම්වල අටවන සාමාජිකයා වේ.

ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස්