සිය නවසීලන්ත සංචාරයේදී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් ද්විපාර්ශ්වික සහයෝගීතාව පූළුල් කිරීම පිළිබඳව නවසීලන්ත අග්‍රාමාත්‍යවරිය වන ජසින්ඩා ආර්ඩර්න් සමඟ සාකච්ඡා කළේය. එහිදී ඔවූන් සහයෝගීතාව වර්ධනය කළ හැකි ක්‍ෂේත්‍රයන් කෙරෙහි අවධානය යොමු කළහ.

නවසීලන්ත අගමැතිවරිය හමුවීම පිළිබඳව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා ට්වීටර් සටහනක් ද තැබීය. ඔහු ආර්ඩර්න් කිවි ඉන්දියානු හෝල් ඔෆ් ෆේම් සම්මාන 2022 අවස්ථාවට ඇය හා සහභාගී වු බවත් නවසීලන්ත කැබිනට් සගයන් සහ මන්ත්‍රීවරුන් හමුවීමේ භාග්‍ය මෙහිදි තමා ලද බවත් සිය ට්වීටර් පණිවුඩයේ දක්වා තිබිණ.

නවසීලන්ත විදේශ අමාත්‍ය නනායා මහුතා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා වලදී කොවිඩ් වසංගතය හේතුවෙන් බලපෑමට ලක්වූ ඉන්දියානු සිසුන්ගේ ගැටළු පිළිබඳ සිය අවධානය යොමු කළේය.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයිශංකර් නවසීලන්ත විදේශ අමාත්‍යවරිය සමඟ ඒකාබද්ධ මාධ්‍ය හමුවක් ද පැවැත්වීය. මෙම හමුවේදී සිසුන් මුහුණ දී ඇති ගැටළු,කොවිඩ් කාලසීමාව තුළ නවසීලන්තය හැර යාමට සිදු වූ සිසුන්ගේ හා වීසා ලබා ගැනීමට අවස්ථාව නොලැබුණු සිසුන්ගේ ගැටළු සම්බන්ධව සාකච්ඡා කළ බව ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස් වාර්තා කරයි.

ඔවුන්ට වඩා සාධාරණ සහ සානුකම්පිත සැලකිල්ලක් ජයිශංකර් ඉල්ලා සිටියේ ය. ඔවුන්ගේ අධ්‍යාපනය හැදෑරීමට නවසීලන්තයට පැමිණීමට අපේක්ෂා කරන සිසුන්ගේ වීසා ක්‍රියාවලිය කඩිනම් කරන ලෙස ද ඉල්ලා සිටි බව ඔහු තවදුරටත් පැවසීය.

මෙම සාකච්ඡා ඉන්දු පැසිෆික් කලාපයේ ආරක්ෂක තත්ත්වය සහ යුක්රේනයේ ප්‍රතිවිපාක මෙන්ම දේශගුණික ක්‍රියාමාර්ග සහ දේශගුණ යුක්තිය වැනි ප්‍රධාන ගෝලීය ගැටළු ද පුළුල්ව සාකච්ඡා කළ බව ඔහු පැවසීය.

සමකාලීන සබඳතාවයක් ඇති කර ගැනීම සඳහා” රටවල් දෙකක උත්සාහයක් ලෙස ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයිශංකර් සිය සංචාරය විස්තර කළේය.

නවසීලන්ත විදේශ කටයුතු අමාත්‍යවරිය වන නානායා මහුතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔටේරෝවාහි සංචාරය කිරීම පිළිබඳව ජයිශංකර් වෙත ස්තූතිය පළ කළේය. ඔටේරෝවා යනු නවසීලන්තය සඳහා වත්මන් මාඕරි භාෂා නාමයයි.

නවසීලන්තය සහ ඉන්දියාව අතර 70 වසරක රාජ්‍යතාන්ත්‍රික සබඳතා මෙම සංචාරය මගින් තවදුරටත් ශක්තිමත් වන බව ඇය සිය ට්වීටර් සටහනේ දක්වා තිබිණ.

ඇය වැඩිදුරටත් පැවසුවේ සිය සාකච්ඡා වලදී අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රයෝජනවත් ආර්ථික අවස්ථා, කෘෂිකාර්මික නවෝත්පාදන, අන්තර් පූද්ගල සබදතා සහ දේශගුණික ක්‍රියාමාර්ග සඳහා වන කැපවීම යන කරුණු කෙරෙහි අවධානය යොමු කිරීමට හැකි වූ බවයි.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා සිය පළමු නවසීලන්ත සංචාරයට පැමිණ සිටි. ඔහුගේ නිල කටයුතු ආරම්භ කිරීමට පෙර ඔහු වෙත සාම්ප්‍රදායික මාඕරි පිළිගැනීමක් ද ලැබිණ.

ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස්