ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයිශංකර් හා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් සමඟ වොෂින්ටන් ඩීසී හි දී මාධ්‍ය හමුවක් පැවැත්වීය. එහිදී අමාත්‍ය එස් ජයශංකර් විසින් සංවර්ධනය වෙමින් පවතින රටවල ඉන්ධන, ආහාර සහ පොහොර අර්බුදය පිළිබඳ කරුණු දැක්වීය.

මාධ්‍ය හමුවේ දී සිය අදහස් දක්වමින් ඔහු පැවසූයේ වර්තමානයේ ලෝකය සංවර්ධනය හා සමෘද්ධිය සොයන යුගයක් බවයි.මෑතකදී ඉන්දය අගමැති නරේන්ද්‍ර මෝදි සමග දී රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් හමුවකදී මෝදිගේ ප්‍රකාශය වන මෙය යුද්ධයේ යුගයක් නොවේ යන්න මතු කරමින් ජයිශංකර් පැවසූයේ මෙම කාලය සංවර්ධනය, සමෘද්ධිය සහ ප්‍රගතිය සොයන යුගයක් යනුවෙනි.

ගෝලීය ආර්ථිකය ස්ථාවර කිරීමේ සහ මිල අඩු කිරීමේ ක්‍රම සොයා ගැනීම මගින් ගෝලීය වෙළඳාම වඩාත් පුරෝකථනය කළ හැකි බව ඔහු පැවසීය.

මෙම රැස්වීමේදී නායකයින් දෙපල බහුපාර්ශ්වික ආකෘතිවල සහයෝගීතාවය සහ යුක්රේනයේ සහ ඉන්දු-පැසිෆික් කලාපයේ ගැටුම් වැනි තීරණාත්මක කලාපීය ගැටළු, දේශපාලන සම්බන්ධීකරණය, ගෝලීය අභියෝග සම්බන්ධයෙන් සාමූහිකව ක්‍රියාකිරීම පිළිබඳව සාකච්ඡා කළහ.

ඉන්දියා-එක්සත් ජනපද සහයෝගිතාව අද ඉන්දු-පැසිෆික් කලාපයේ සීමාවෙන් ඔබ්බට ද දෘශ්‍යමාන වේ, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයිශංකර් සඳහන් කළේය.

දෙරටේ ද්විපාර්ශ්වික වෙළඳාමේ පසුගිය වසරේ ඩොලර් බිලියන 157 ක් විය. එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් පෙන්වා දුන්නේ, එක්සත් ජනපදය ඉන්දියාවේ විශාලතම වෙළඳ හවුල්කරුවා වන බවයි.

ඉන්දියාවේ විශාලතම සෘජු විදේශ ආයෝජකයා එක්සත් ජනපදය වේ. විවිධ පරාසයක එක්සත් ජනපද සමාගම් ඉන්දියාවේ ඩොලර් බිලියන 45ක් ආයෝජනය කර ඇත. .

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් බ්ලින්කන් පෙන්වා දුන්නේ දෙරටෙහිම අපේක්ෂිත වෘත්තිකයන්ට සහ ශ්‍රමිකයින් සඳහා නව රැකියා උත්පාදනය වන ආකාරයෙන් ආයෝජන අවස්ථා සිදු කිරීම නිරීක්ෂණය වන බවයි. තවද ශමු පැවසූයේ එක්සත් ජනපද-ඉන්දියා වාණිජ සංවාදය, එක්සත් ජනපද-ඉන්දියා ප්‍රධාන විධායක නිලධාරී සංසදය නව අවස්ථා වර්ධනය කිරීමට සහය වනු ඇති බවයි.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයිශංකර් එක්සත් ජනපද ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් සහ වාණිජ ලේකම් රයිමන්ඩෝ ද හමුවීය. තවද ඔහු ජාතික විද්‍යා පදනම විසින් පවත්වන ලද වටමේසයකට ද සහභාගී විය.

ඉදිරි දින දෙක තුළ, ඔහු ඉන්දියාවේ ගැටළු සහ අවශ්‍යතා වඩාත් හොඳින් අවබෝධ කර ගැනීම සඳහා ආයතනික විධායකයින් සහ එක්සත් ජනපද කොන්ග්‍රසයේ සාමාජිකයින් ගණනාවක් හමුවනු ඇතැයි ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස් වාර්තා කරයි.

ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස්