ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් බ්‍රහස්පතින්දා එක්සත් රාජධානියේ විදේශ ලේකම් ජේම්ස් ක්ලෙවර්ලි හමුවිය. මෙම හමුවේදී එක්සත් රාජධානියේ ප්‍රදේශ කිහිපයක ඉන්දියානු ප්‍රජාවට එරෙහිව සිදුවෙමින් පවතින ප්‍රචණ්ඩත්වය පිළිබඳ සිය කනස්සල්ල ඔහු වෙත පළ කළේය.එමෙන්ම ඔවුන්ගේ ආරක්ෂාව සහ සුබසාධනය පිළිබඳව ද එක්සත් රාජධානියේ විදේශ ලේකම්වරයා සමග දීර්ඝ වශයෙන් සාකච්ඡා කළේය.

77 වන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වීම සඳහා එක්සත් ජනපදයේ දින 10ක නිල සංචාරයක නිරතව සිටින ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර්, එම කටයුතු වලට සමගාමීව එක්සත් රාජධානියේ විදේශ ලේකම් ජේම්ස් ක්ලෙවර්ලි හමුවිය.

එක්සත් රාජධානියේ විදේශ ලේකම්වරයා සමඟ ඔහුගේ හමුව පිළිබඳ තොරතුරු ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ජයශංකර් සඳහන් කොට තිබුණේ 2030 මාර්ග සිතියම ඉදිරියට ගෙන යාම පිළිබඳව ඵලදායි සාකච්ඡා පැවැත්වූ බවයි. එමෙන්ම මෙම සංවාදය තුළදී ඉන්දු-පැසිෆික් කලාපය , යුක්රේන අර්බුදය සහ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය ඇතුළු ගෝලීය ගැටළු ද ආවරණය කළ බවයි.

ඔහු 10 වැනි ඉන්දියා-බ්‍රසීල-දකුණු අප්‍රිකා ත්‍රෛපාර්ශ්වික අමාත්‍ය කොමිෂන් සභා රැස්වීමේ මුලසුන දැරීය. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා බහුපාර්ශ්විකවාදය සඳහා සිය සහාය ද ඔවුන් වෙත යළිත් තහවුරු කළේය. මේ පිළිබඳව සිය ට්විටර් ගිණුමේ සටහනක් ද තැබීය.

ඔහු 10 වැනි ඉන්දියා-බ්‍රසීලය-දකුණු අප්‍රිකා ත්‍රෛපාර්ශ්වික අමාත්‍ය කොමිෂන් සභා රැස්වීමට සත්කාරකත්වය දැක්වීය.ඉන්දියා-බ්‍රසීල-දකුණු අප්‍රිකා ත්‍රෛපාර්ශ්වික අමාත්‍ය කොමිෂන් සභා රැස්වීමේ දී ගෝලීය සහ බහුපාර්ශ්වික ගැටළු ඇතුළුව දකුණු-දකුණු සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම සහ එහි ක්‍රියාකාරකම් හඳුනා ගන්නා ලදී.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසූයේ බ්‍රසීලයේ විදේශ අමාත්‍ය කාලෝස් ඇල්බර්ටෝ ෆ්‍රැන්කෝ ෆ්‍රැන්සා සහ දකුණු අප්‍රිකාවේ සෞඛ්‍ය අමාත්‍ය ජෝ ෆාලා සමගබහුපාර්ශ්වික ප්‍රතිසංස්කරණ වෙනුවෙන් වන සිය කැපවීම නැවත අවධාරණය කළ බවයි.

එක්සත් රාජධානියේ විදේශ ලේකම් හමුවීමට පෙර ඔහු බොලිවියාව, නෝර්වේ සහ එස්තෝනියාවේ විදේශ කටයුතු අමාත්‍යවරු සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා ද පැවැත්වීය.

ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස්