ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් සහ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සභාපති ක්සබා කෝරෝසි නිව්යෝර්ක්හිදී හමුවිය. ගෝලීය පරිමාණයෙන් ප්‍රගතිය සඳහා තිරසාර සංවර්ධන ඉලක්ක න්‍යාය පත්‍රයේ “විවේචනාත්මකභාවය” ද ඔවුන් දෙදෙනා සාකච්ඡා කළහ.

එම හමුව පිළිබඳව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් සටහන් කොට තිබුණේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 77 වන සැසිවාරයට සමගාමීව එහි සභාපති

ක්සබා කෝරෝසි හමු වූ බවයි. එමෙන්ම ගෝලීය ප්‍රගතිය සඳහා තිරසාර සංවර්ධන ඉලක්කයන්හි විවේචනාත්මකභාවය ගැන ද ඔවුන් සාකච්ඡා කළ අතර ඉන්දියාවේ පූර්ණ සහයෝගය සභාපතිවරයා වෙත පළකළ බව ඔහු පැවසීය.

බහුපාර්ශ්විකත්වය සඳහා ඉන්දියාවේ ගැඹුරු කැපවීම මෙහිදී නැවත අවධාරණය කළේය.

එක්සත් ජාතීන්ගේ ඉහළ පෙළේ මහා මණ්ඩල සැසිවාරය සඳහා නිව්යෝර්ක් නුවරට ලඟාවී සිටින ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් ද්විපාර්ශ්වික සහ ජාත්‍යන්තර රැස්වීම් ගණනාවකින් සිය රාජ්‍යතාන්ත්‍රික මෙහෙවර ආරම්භ කර ඇත.

මීට පෙර, ඔහු ඉන්දියා-සෙලැක් ක්වාටෙට් සමඟ සාකච්ඡා වලදී ඉන්දියානු පාර්ශවයට නායකත්වය දුන් අතර, මෑත වසරවලදී ඉන්දියාව සහ සෙලැක් සාමාජික රටවල් අතර දේශපාලන හා ආර්ථික සබඳතා පුළුල් කිරීම දෙපාර්ශවයම පිළිගත්තේය.

මෙම හමුවේ දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සභාපතිවරයා සමග වෙළඳ හා වාණිජ්‍යය, කෘෂිකර්මාන්තය, දේශගුණික විපර්යාස, ආහාර සහ බලශක්තිය, ආරක්ෂාව, සෞඛ්‍යය, එන්නත්, සාම්ප්‍රදායික ඖෂධ, සැපයුම් සහ අන්තර් පුද්ගල සබඳතා යන ක්ෂේත්‍රවල සමීප සහයෝගීතාවය පුළුල්ව සාකච්ඡා කෙරිණ. ඊට අමතරව,සහයෝගීතාවය ඉහළ නැංවීමේ අවශ්‍යතාවය මෙන්ම ලෝකය මුහුණ දෙන දුෂ්කරතා පිළිබඳව ඔවුන් දෙදෙනා සාකච්ඡා කළහ.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීමට සමගාමීව, ඔහු ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ හි විදේශ අමාත්‍ය ආචාර්ය ඇමරි බ්‍රවුන්, ඇල්බේනියාවේ විදේශ ඇමති ඔල්ටා ෂකා, මෝල්ටාවේ විදේශ ඇමති ඉයන් බෝර්ග්, ඊජිප්තුවේ විදේශ ඇමති සමේ ෂෞක්‍, ඉන්දුනීසියාවේ විදේශ අමාත්‍ය රෙට්නෝ මර්සුඩි, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ අමාත්‍ය ෂෙයික් අබ්දුල්ලා බින් සෙයිඩ් බින් සුල්තාන් අල් නහියන්, ඉතියෝපියාවේ විදේශ අමාත්‍ය ඩෙමේකේ මෙකොනෙන් හසන් සහ සර්බියාවේ විදේශ ඇමති නිකොලා සෙලකොවික් ඇතුළු රටවල් කිහිපයක විදේශ අමාත්‍යවරුන් ද මුණගැසුණි.

සැප්තැම්බර් 24 වන දින ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයිශංකර් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේදී ලෝක නායකයින් අමතනු ඇත.

ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස්