ඉන්දීය ආරක්ෂක කර්මාන්තයයේ නිෂ්පාදනය වසර 2025 වන විට රුපියල් කෝටි 1.75ක භාණ්ඩ නිෂ්පාදන ඉලක්කයක් තබා ඇත.අඟහරුවාදා නවදිල්ලියේ පැවති ඉන්දීය ආරක්ෂක නිෂ්පාදකයින්ගේ සංගමයේ 5 වැනි වාර්ෂික සැසියේදී අදහස් දක්වමින් ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං පැවසූයේ ආරක්ෂක කර්මාන්තය සඳහා රුපියල් කෝටි 35,000 ක අපනයන ඇතුළත් වනු ඇති බවයි.

සිය දේශනයේදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා පෙන්වා දුන්නේ 2025 වන විට රුපියල් කෝටි 35,000ක අපනයනය ඇතුළුව ආරක්ෂක නිෂ්පාදනය රුපියල් කෝටි 1.75ක ඉලක්කයක් තබා ඇති බවයි. වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පැවසුවේ වසර 7කට පෙර ආරක්ෂක අපනයන කෝටි 1000 සීමාවට පැමිණ නොතිබූ බවත් වත්මනේ දී එයරුපියල් කෝටි 13,000 ඉක්මවා ඇති බවත්ය.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු ඉන්දීය ආරක්ෂක අංශයෙන් ඉල්ලා සිටියේ “නව ඉන්දියාවක්” පිළිබඳ දැක්ම සාක්ෂාත් කර ගැනීම සඳහා අති නවීන, ලාභදායී නිෂ්පාදන සහ තාක්ෂණයන් සොයා නිෂ්පාදනය කරන ලෙසයි.

ජාතික ආරක්‍ෂාවේ සියලු අංශ ශක්තිමත් කිරීමට සැබෑ ආරක්‍ෂක පද්ධතියක වටිනාකම රජය සම්පූර්ණයෙන් පිළිගන්නා බව සිං පැවසීය.එමෙන්ම ඒ සඳහා අඛණ්ඩව උත්සාහ කරන බව ඔහු පැවසීය.

පුද්ගලික අංශයට සහය දැක්වීම සඳහා ඔවුන්ගේ ආරක්ෂක පද්ධති ශක්තිමත් කිරීම සඳහා රටවල් වැඩි අවධානයක් යොමු කිරීම පිළිබඳව ඔහු අදහස් දැක්වීය. ගෝලීය පරිසරය තුළ ඇතිවන නව විභවතාවයන් නිසා හමුදා ආරක්ෂක උපකරණ වල අවශ්‍යතාවය ඉහළ ගොස් ඇති බව ඔහු සඳහන් කළේය.

ආරක්ෂක අමාත්‍යාංශයට අනුව, ඉන්දියානු ආරක්ෂක නිෂ්පාදකයින්ගේ සංගමයේ 5 වන වාර්ෂික සැසිවාරය පැවැත්වුණේ ගෝලීය ආරක්ෂක නිෂ්පාදන වෙළඳපොලේ ඉන්දියාව ප්‍රමුඛ ස්ථානයකට ඔසවා තැබීමේ අරමුණ ඇතිවය.

පසුව, ඔහු ඉන්දියානු ආරක්ෂක නිෂ්පාදකයින්ගේ සංගමයේ ශූරයින්ගේ සම්මානයේ 2 වන අදියරේ ජයග්‍රාහකයින්ට උපහාර ද පිරිනැමීය.

මෙම අවස්ථාවට ආරක්‍ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ඉන්දීය ත්‍රිවිධ හමුදාව, කර්මාන්ත, සහ ඉන්දියාවේ මූලස්ථානය පිහිටි විදේශ ආරක්‍ෂක අනුයුක්ත නිලධාරීන් සහභාගි වූහ.

ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස්