ඉන්දියාවේ විශාලතම ඩ්‍රෝන් උත්සවය වන ‘භාරත් ඩ්‍රෝන් මහෝත්සව් 2022’ ඉන්දීය අගමැති මෝදි විසින් සිකුරාදා දින ආරම්භ කළ බව ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස් වාර්තා කරයි.මෙය දෙදින උත්සවයකි.

ඉන්දීය රාජ්‍ය අමාත්‍යවරුන්,ඩ්‍රෝන් ක්‍ෂේත්‍රයේ නායකයින් සහ ව්‍යවසායකයින් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මෙම අවස්ථාවේදී ඩ්‍රෝන් ගුවන් නියමු සහතික 150ක් දද අග්‍රාමාත්‍යවරයා අතින් ප්‍රදානය කෙරිණි.එමෙන්ම අගමැති මෝදි කිසාන් ඩ්‍රෝන් නියමුවන් සමඟ ද සුහද කතාබහක නිරතවිය. මෙම අවස්ථාවේදී එළිමහන් ඩ්‍රෝන් ප්‍රසංගය ද ඉන්දීය අගමැතිවරයා නිරීක්ෂණය කළේය.

මෙම අවස්ථාවට සම්බන්ධවෙමින් ඉන්දීය අගමැති මෝදි කියා සිටියේ තම රජය “අවම රජය-උපරිම පාලනය” යන මාවත අනුගමනය කරමින් කටයුතු කළ බවයි.

ඩ්‍රෝන් තාක්‍ෂණය සන්තෘප්තියේ පරමාර්ථය ප්‍රවර්ධනය කිරීමට සහ අවසාන සැතපුම් බෙදා හැරීම සහතික කිරීමට සහාය වී ඇති බවත්, සිය පරිපාලනය නව ශක්තියක්, වේගයක් සහ පරිමාණයක් ලබා ගැනීමට තාක්‍ෂණය රටට ප්‍රධාන මෙවලමක් බවට පත් කර ඇති බවත් ඔහු පැවසීය.

සාමාන්‍ය ජනතාවට තාක්ෂණය සඳහා ප්‍රවේශ වීමට හැකිවන පරිදි සිය පරිපාලනය අවධානය යොමු කර ඇති බව පැවසූ ඔහු තාක්‍ෂණය සාමාන්‍ය ජනතාවට වඩාත් ප්‍රවේශය ලබාදීම මගින් ආර්ථිකයේ සියළු අංශ වෙත තාක්ෂණය ගලා යාම තුළින් නවෝත්පාදනය මෙන්ම භාවිතයේ හැකියාව ද පුළුල් වන බව අවධාරණය කළේය.

අනාගතයේදී ඩ්‍රෝන් තාක්ෂණය විවිධ අංශ එනම් ආරක්ෂක, අර්බුද කළමනාකරණය, කෘෂිකර්මාන්තය, සංචාරක, චිත්‍රපට සහ විනෝදාස්වාදය වැනි ක්ෂේත්‍රවල ප්‍රගමණය සඳහා භාවිතා කළ හැකි බව සඳහන් කළේය

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා කේදර්නාත් ව්‍යාපෘතිය උදාහරණ ලෙස දක්වමින් සිය රජය නිල තීරණ ගැනීමේදී ඩ්‍රෝන යානා භාවිතා කරන ආකාරය පිළිබඳ උදාහරණ ද ලබා දුන්නේය.

ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස්