සඳුදා නේපාලයේ ලුම්බිණි ආශ්‍රිත කලාපයේ බෞද්ධ සංස්කෘතිය සහ උරුමයන් සඳහා වූ ඉන්දීය ජාත්‍යන්තර මධ්‍යස්ථානයට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ නේපාල අග්‍රාමාත්‍යවරයා වන ෂර් බහදූර් ඩියුබා විසින් මුල්ගල තැබීය.
මෙම මධ්‍යස්ථානය තුළින් බෞද්ධ අධ්‍යාත්මිකත්වය අත්විඳීමට ලොව පුරා සිටින වන්දනාකරුවන් සහ අමුත්තන් පිළිගනු ලබන ලෝක මට්ටමේ ස්ථානයක් වනු ඇති බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
2022 මාර්තු මාසයේදී ලුම්බිණි සංවර්ධන භාරය විසින් ලබා දෙන ලද ඉඩමක නවදිල්ලියේ ජාත්‍යන්තර බෞද්ධ සම්මේලන මධ්‍යස්ථානය ඉදිකරනු ඇත. එය නවදිල්ලියේ ජාත්‍යන්තර බෞද්ධ සම්මේලනයේ මූලිකත්වයෙන් ඉදිකරන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
ථෙරවාද, මහායාන සහ වජ්‍රයාන යන ප්‍රධාන බෞද්ධ සම්ප්‍රදායන් තුනේ භික්ෂූන් වහන්සේලා විසින් පවත්වන ලද පූජාවෙන් පසුව අග්‍රාමාත්‍යවරුන් දෙදෙනා මධ්‍යස්ථානයේ ආකෘතියක් ද ප්‍රදර්ශනය කළහ.
ධර්ම ශාලා, භාවනා මධ්‍යස්ථාන, පුස්තකාල, ප්‍රදර්ශන ශාලා, ආපනශාලා, කාර්යාල සහ අනෙකුත් පහසුකම්, බලශක්තිය, ජලය සහ අපද්‍රව්‍ය බැහැර කිරීම සම්බන්ධයෙන් නෙට් සීරෝ(NetZero) සමකාලීන ව්‍යුහයක් තුළ පිහිටා ඇත.
මෙය අග්‍රාමාත්‍ය මෝදි අගමැති ලෙස නේපාලයට ගිය පස්වන සංචාරය වන අතර ඔහු ලුම්බිණියට ගිය පළමු අවස්ථාව මෙයයි.
“බුද්ධ පූර්ණිමා විශේෂ අවස්ථාවේදී නේපාලයේ අපූරු මිනිසුන් අතරට පැමිණීමට ලැබීම ගැන සතුටුයි. ලුම්බිණියේ වැඩසටහන් බලාපොරොත්තු වෙනවා,” ඉන්දීය අගමැති මෝදි ට්විටර් පණිවුඩයක් නිකුත් කළේය.
දෙරටේ නායකයෝ බුදුන් වහන්සේගේ උපත සිදුවූ නිශ්චිත ස්ථානය සනිටුහන් කරන විහාර භූමියේ ඇති මාර්කර් ගල නැරඹීමට ගියහ. ඔවුන් බෞද්ධ චාරිත්‍රානුකූලව පවත්වනු ලැබූ පූජාවට සහභාගි වූහ.පසුව විහාරස්ථානයට යාබදව පිහිටි අශෝක ස්ථම්භය අසල ද පහන් දැල්වූහ.
ක්‍රිස්තු පූර්ව 249 දී අශෝක අධිරාජ්‍යයා විසින් ඉදිකරන ලද ස්ථම්භය, ලුම්බිණිය බුදුරජාණන් වහන්සේගේ උපන් ස්ථානය බවට පළමු ශිලාලේඛන සාක්ෂි දරයි. ඉන් අනතුරුව, අග්‍රාමාත්‍යවරුන් දෙදෙනා විසින් 2014 දී ලුම්බිණියට අග්‍රාමාත්‍ය මෝදි විසින් ප්‍රදානය කරන ලද බුද්ධගයාවේ සිට බෝධි අංකුරයට පැන් වත් කළේය. විහාරස්ථානයේ අමුත්තන්ගේ පොතේ අත්සන් තැබූ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස්