ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං විසින් ආරක්ෂක සහයෝගීතාවය පුළුල් කිරීම පිළිබඳ ඉන්දියාව සහ වියට්නාමය ඒකාබද්ධ ගිවිසුමකට අත්සන් තැබීය.වියට්නාමයේ හැනොයි හිදී මෙම ගිවිසුමට අත්සන් තැබීම වියට්නාම ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් ෆාන් වැන් ජියැන්ග් මහතා සහ ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං ඉදිරියේදී සිදුවිය.

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං සහ වියට්නාමයේ ජාතික ආරක්ෂක අමාත්‍ය ජනරාල් ෆාන් වැන් ජියැන්ග් අතර ද්විපාර්ශ්වික ආරක්ෂක සබඳතා මෙන්ම කලාපීය සහ ගෝලීය ගැටළු තවදුරටත් පුළුල් කිරීම පිළිබඳව පුළුල් සාකච්ඡා පැවැත්වූ බව ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

දැනට දෙරට අතර පවතින ආරක්ෂක සහයෝගීතාවය පිළිබඳ විෂය පථය පුළුල් කිරීම පිළිබඳ වන ඉන්දියා-වියට්නාම ආරක්ෂක හවුල්කාරිත්වය-2030 පිළිබඳ ඒකාබද්ධ දැක්ම ප්‍රකාශයට දෙරටේ ආරක්ෂක අමාත්‍යවරුන් අත්සන් තැබීය.

මේ අතර ඉදිරියේ, අන්‍යෝන්‍ය සැපයුම් සහය පිළිබඳ අවබෝධතා ගිවිසුමකට නායකයින් දෙපල අත්සන් තැබීය.

ඉන්දියාව සහ වියට්නාමය ආරක්ෂක හමුදා අතර සහයෝගිතා කටයුතු වැඩි වෙමින් පවතින මෙම කාලවලදී ප්‍රයෝජනවත් සැපයුම් සහය සඳහා වූ ක්‍රියා පටිපාටි සරල කිරීමේ ප්‍රධාන පියවරක් වේ. වියට්නාමය ඕනෑම රටක් සමඟ අත්සන් කළ පළමු එවැනි ප්‍රධාන ගිවිසුම මෙයයි” යනුවෙන් ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය පැවසීය. .

වියට්නාමය වෙත ලබා දී ඇති ඇමරිකානු ඩොලර් මිලියන 500 ක ආරක්ෂක ණය සහනය කඩිනමින් ලබා දීමට ද අමාත්‍යවරු දෙදෙනාම එකඟ වූහ.

ගුවන් හමුදා නිලධාරීන්ගේ පුහුණු පාසලට සිමියුලේටර් දෙකක් සහ මූල්‍ය දායකත්වයක් පිරිනැමීම ඉන්දීය ආරක්ෂක අමාත්‍ය විසින් සිදු කරන ලදී. වියට්නාම සන්නද්ධ හමුදාවන්ට භාෂා සහ තොරතුරු තාක්ෂණ විද්‍යාගාරයක් පිහිටුවීම මෙමගින් අපේක්ෂිත ය.

තෙදින නිල සංචාරයක් සඳහා ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං වියට්නාමයට පැමිණි අතර අග්නිදිග ආසියානු රට සමඟ සමුද්‍රීය ආරක්ෂක සහයෝගීතාව වර්ධනය කර ගැනීම චීනයේ නැගී එන ආක්‍රමණ හමුවේ තීරණාත්මක සාධකයකි.

ඔහු සිය සංචාරය ආරම්භ කළේ වියට්නාමයේ නිර්මාතෘ හෝ චි මිං පියතුමාට ඔහුගේ සොහොන් ගෙය වෙත ගෞරව දැක්වීමෙනි.

වියට්නාමය ඉන්දියාවේ නැගෙනහිර ප්‍රතිපත්තියේ සහ ඉන්දු-පැසිෆික් දැක්මෙහි වැදගත් හවුල්කරුවෙකි. ඉන්දියාව සහ වියට්නාමය විස්තීරණ උපායමාර්ගික හවුල්කාරිත්වයක් සහ ආරක්ෂක සහයෝගීතාවයක් බෙදාහදා ගනී

ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස්