ත්‍රස්තවාදයට එරෙහි ඉන්දීය-තජිකිස්තාන ඒකාබද්ධ ක්‍රියාකාරී කණ්ඩායමේ සිව්වන රැස්වීම පසුගිය සතියේ සැප්තැම්බර් 13 වැනි දින පැවැත්විණ. එහිදී ඉන්දියාව සහ ටජිකිස්තානය එහි සියලුම ප්‍රකාශනයන්හිදී ත්‍රස්තවාදය දැඩි ලෙස හෙළා දුටුවේය.එම රැස්වීමේදී ඔවුන් අන්තවාදයෙන් එල්ල වන අන්තරාය ද සාකච්ඡා කළහ.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ත්‍රස්තවාදයට සහ රැඩිකල්කරණයට හිතකර අන්තවාදයෙන් පැන නගින තර්ජනය පිළිබඳවද ඔවුන් අවධාරණය යොමු කළ බවයි. එමෙන්ම දෙපාර්ශ්වයම ත්‍රස්තවාදය එහි සියලු ස්වරූපයෙන් දැඩි ලෙස හෙළා දකින බව ප්‍රකාශ කළහ.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් පැවසූයේ “දෙපාර්ශ්වයම ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීමට කැපවී ක්‍රියා කරන බවයි. එමෙන්ම ත්‍රස්තවාදයට මුදල් සැපයීම සහ ත්‍රස්තවාදයට හිතකර අන්තවාදයට එරෙහිව දෙබිඩි පිළිවෙත ද දෙපාර්ශ්වය ප්‍රතික්ෂේප කළහ.

මීට අමතරව, දෙපාර්ශවය කලාපීය සහ ජාත්‍යන්තර ත්‍රස්තවාදී තර්ජන පිළිබඳව සාකච්ඡා කළහ. ඔවුන් ඉල්ලා සිටියේ ජාත්‍යන්තර ත්‍රස්තවාදය පිළිබඳ විස්තීරණ සම්මුතිය හැකි ඉක්මනින් අවසන් කර එක්සත් ජාතීන්ගේ පද්ධතිය තුළ සම්මත කරන ලෙසයි.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පෙන්වා දුන්නේ මෙම රැස්වීම අතරතුර ඉන්දීය සහ තජිකිස්තාන නියෝජිතයින් ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම සහ ත්‍රස්තවාදීන්ගේ දේශසීමා සංචලනය වැළැක්වීම, රැඩිකල්කරණයට එරෙහිව සටන් කිරීම ත්‍රස්තවාදය සඳහා අන්තර්ජාලය සූරාකෑම වැළැක්වීම, ත්‍රස්තවාදය සඳහා නව තාක්‍ෂණ භාවිතයට ප්‍රතිරෝධය, මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහි වීම ඇතුළු ත්‍රස්තවාදයට එරෙහි සහයෝගිතාව පිළිබඳ දෙපාර්ශ්වයම තම අදහස් බෙදා ගත් බවයි.

“ත්‍රස්තවාදය මැඩලීමට සහ ත්‍රස්තවාදීන්ගේ සංචලනය වැලැක්වීමට ජාත්‍යන්තර සහ කලාපීය දේශසීමා ආරක්‍ෂාව සහ කළමනාකරණ සහයෝගීතාව” යන මැයෙන් ඉහළ පෙළේ ජාත්‍යන්තර සමුළුව ඔවුන් පිළිගනු ලැබීය.

2022 නොවැම්බර් 18-19 දින වල නවදිල්ලියේ පැවැත්වෙන ත්‍රස්තවාදයට මූල්‍ය සැපයීම අවහිර කිරීම පිළිබඳ 3 වැනි අමාත්‍ය සමුළුව ද ඔවුහු පිළිගත්හ.කලාපීය ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීමේ සංකීර්ණ කාර්යයන්ට සක්‍රීයව දායක විමට දෙපාර්ශවයම එකඟ වීය. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය පැවසූයේ මෙම සම්මන්ත්‍රණ සඳහා ක්‍රියාකාරීව සහභාගී වීමට ඔවුන් කැමැත්ත පළ කළ බවයි.

දෙපාර්ශ්වයම ත්‍රස්ත මර්දන ක්ෂේත්‍රයේ සන්නිවේදනය,සහයෝගීතාවය, තම ප්‍රතිවිරුද්ධ නියෝජිතායතන අතර සබඳතා ශක්තිමත් කිරීම සහ තොරතුරු බෙදාගැනීම වැඩි දියුණු කිරීම සඳහා සමීපව සහයෝගයෙන් කටයුතු කිරීම පිළිබඳ ඔවුන්ගේ අධිෂ්ඨානශීලී කැපවීම අවධාරණය කළහ.

මෙම රැස්වීමට තජිකිස්තාන පාර්ශවය වෙනුවෙන් ටජිකිස්තාන් ජනරජයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ආසියා සහ පැසිෆික් රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රධානී ජොනොන් එස්. ෂෙරාලි විසින් මෙම රැස්වීමට සහභාගී වූ ටජිකිස්තාන දූත පිරිසට නායකත්වය ලබා දෙන ලදී. එමෙන්ම ඉන්දීය පාර්ශවයට නායකත්වය සපයනු ලැබුවේ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ත්‍රස්ත විරෝධී කටයුතු පිළිබඳ සම ලේකම් මහාවීර් සිංවි විසිනි.

ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස්