එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ අනෙකුත් බහුපාර්ශ්වික ගැටළු පිළිබඳව ඉන්දියාව සහ ජර්මනිය බර්ලිනයේදී සිය උපදේශන වටය පැවැත්වීය.

දෙරටේ උපායමාර්ගික හවුල්කාරිත්වයට අනුව දෙපාර්ශවය එක්සත් ජාතීන්ගේ සහ අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන බහුපාර්ශ්වික කරුණු රාශියක් පිළිබඳව අදහස් හුවමාරු කර ගත් බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසීය.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසූයේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 77 වැනි සැසිවාරය සඳහා දෙපාර්ශ්වයම තම ප්‍රමුඛතා පිළිබඳව එකිනෙකා දැනුවත් කළ බවයි.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයෙහි 2022 දෙසැම්බරයේ පැවැත්වෙන ඉදිරි සභාපතිධුරය පිළිබඳ ඉන්දියානු පර්ශවයේ මුලපිරීම් සම්බන්ධයෙන් ජර්මානු පාර්ශ්වය ද දැනුවත් කරන ලදී.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ප්‍රතිසංස්කරණ පිළිබඳ අන්තර් රාජ්‍ය සාකච්ඡා වේගවත් කිරීම සඳහා එක්ව කටයුතු කිරීමට දෙපාර්ශවයම එකඟ විය.ජී-4 සමූහයේ සාමාජිකයින් ලෙස, ස්ථාවර කාල රාමුවක් තුළ ළුලදායි ප්‍රතිඵල අත්කර මෙහි අරමුණයි.

ත්‍රස්තවාදයට එරෙහි කටයුතු කිරීම සහ එක්සත් ජාතීන්ගේ සාම සාධක කටයුතු ඇතුළු ගෝලීය ගැටළු සම්බන්ධයෙන් ඔවුන්ගේ බහුපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීමට දෙපාර්ශවය එකඟ විය.

මෙම සාකච්ඡාවට ඉන්දියාව නියෝජනය කරමින් ඉන්දියාවේ එක්සත් ජාතීන්ගේ දේශපාලන කටයුතු භාර සම ලේකම් ප්‍රකාශ් ගුප්තා සහ ජර්මනියේ බර්ලින් හි ඉන්දීය තානාපති කාර්යාලයේ නිලධාරීන් ද සහභාගී විය.ජර්මානු පාර්ශ්වය නියෝජනය කරමින් ජර්මානු විදේශ කාර්යාලයේ එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ආයුධ පාලනය සහ ජාත්‍යන්තර සාමය පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් ගුන්ටර් සෝටර් සම්බන්ධ විය.