ඉන්දියාව සහ ඝානාව අතර විදේශ කාර්යාල උපදේශන තුන්වන වටය සිකුරාදා දින නවදිල්ලියේදී පැවැත්විණ. මෙහිදී දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතාවල සමස්ත පරාසය සමාලෝචනය කර සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ ක්‍රියා මාර්ග සාකච්ඡා කළහ.

දෙරටේ විදේශ කාර්යාල උපදේශන වලදී දෙපාර්ශ්වයම දේශපාලන, ආර්ථික, ආරක්ෂක, සංස්කෘතික සහ ධාරිතා ගොඩනැගීමේ කරුණු ආවරණය කරන ලද අතර ද්විපාර්ශ්වික සබඳතාවල සමස්ත පරාසය සමාලෝචනය කළහ..

එමෙන්ම කලාපීය සහ ගෝලීය වශයෙන් උනන්දුවක් දක්වන කරුණු පිළිබඳව ද දෙපාර්ශවය අදහස් හුවමාරු කරගත් බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.තවද විදේශ කාර්යාල උපදේශන පිළිබඳ සාකච්ඡා වල දී ඉන්දියාව සහ ඝානාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම සඳහා මාර්ග සාකච්ඡා කළ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය උපුටා දක්වමින් ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස් වාර්තා කරයි.

මෙම විදේශ කාර්යාල උපදේශණ සඳහා ඉන්දීය පාර්ශ්වය මෙහෙයවනු ලැබුවේ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශයේ සම ලේකම් සේවාලා නායික් මූදේ විසින් වන අතර ඝානා පාර්ශ්වය මෙහෙයවන ලද්දේ එරට නියෝජ්‍ය විදේශ අමාත්‍ය ක්වාකු ඇම්ප්‍රත්වුම්-සර්පොං විසින්ය.

ඉන්දියාව සහ ඝානාව සාම්ප්‍රදායිකව උණුසුම් ඓතිහාසික බැඳීම්, සාරධර්ම සහ දැක්ම මත පදනම් වු සබඳතා භුක්ති විඳි.දෙපාර්ශ්වයේම රාජ්‍යතාන්ත්‍රිකයන් නිරන්තර සංචාරයන් සිදු කරයි.

ඝානාව හා ඉන්දියාව අතර ද්විපාර්ශ්වික වෙළඳාම 2021-22 මුළ්‍ය වර්ෂයේදී ඇමරිකානු ඩොලර් බිලියන 2.60 කි.තවද ඝානාවේ ඉන්දියානු ආයෝජන ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතී.

ඉන්දියාව ඝානාවේ විශාලතම ආයෝජකයෙක් ද වේ.ඉන්දියානු සමාගම් ඉදිකිරීම්, නිෂ්පාදන, වෙළඳාම, ඖෂධ, කෘෂි සැකසුම්, සේවා සහ සංචාරක ඇතුළු විවිධ ක්ෂේත්‍රවල ව්‍යාපෘති 730 කට අධික ප්‍රමාණයක් ඝානාවේ ඇමරිකානු ඩොලර් බිලියන 1.7 කට වඩා ආයෝජනය කර ඇත.

ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස්