කියුබාවේ හවානා හිදී 2 වැනි විදේශ කාර්යාල උපදේශන වටය ඉන්දියාව සහ කියුබාව අතර පැවැත්විණ. මෙම සාකච්ඡාවේදී දෙපාර්ශ්වය වූ ද්විපාර්ශික සම්බන්ධතා පුළුල් ලෙස සමාලෝචන කළ බව ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස් වාර්තා කරයි.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයට අනුව වෙළඳ සහ ආර්ථික සබඳතා සහ පුනර්ජනනීය බලශක්තිය, පාරම්පරික වෛද්‍ය විද්‍යාව සහ යෝග ඇතුළු සෞඛ්‍යය, ජෛව තාක්‍ෂණය, කෘෂිකර්මය, ක්‍රීඩා, සෞඛ්‍ය, විද්‍යා හා තාක්ෂණ සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ වැනි ක්ෂේත්‍රවල සහයෝගිතාව විදේශ කාර්යාල උපදේශන වල දී පුළුල් ලෙස සමාලෝචනය කරන ලදී.

එක්සත් ජාතීන්ගේ සහයෝගිතාව ඇතුළු පොදු අවශ්‍යතා ඇති කලාපීය සහ ජාත්‍යන්තර කරුණු පිළිබඳව ද දෙපාර්ශවය අදහස් හුවමාරු කර ගත්හ.

දෙවැනි විදේශ කාර්යාල උපදේශන වටය සඳහා ඉන්දීය පාර්ශ්වය නියෝජනය කරන ලද්දේ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ නැගෙනහිර පාර්ශ්වය භාර ලේකම් සෞරබ් කුමාර් විසිනි.කියුබානු පාර්ශවය විදේශ කටයුතු පිළිබඳ උප ඇමති අන්යාන්සි රොඩ්රිගස් කැමේජෝ විසින් මෙහෙයවනු ලැබීය.

මේ අතර ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ නැගෙනහිර පාර්ශවයභාර ලේකම්වරයා කියුබානු නියෝජ්‍ය අගමැති රිකාඩෝ කබ්‍රිසාස් සහ වැඩ බලන විදේශ කටයුතු අමාත්‍ය ජෙරාඩෝ පීල්වර් හමුවිය.

මෙම හමුව සනිටුහන් කිරීම සඳහා කියුබානු රජය ඉන්දියාවේ 75 වැනි නිදහස් සංවත්සරයට ගෞරව කිරීම සඳහා සමරු මුද්දරයක් ද එළිදක්වන ලද බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

මෙම සංචාරයේදී කියුබාව විසින් ඉන්දියාවෙන් සහල් මිලදී ගැනීම සඳහා යුරෝ මිලියන 100 ක් වටිනා කෙටි කාලීන ණය ගනුදෙනුවක් අත්සන් කරන ලදී.

ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස්