ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය සිකුරාදා ප්‍රකාශ කළේ ඉන්දියාව සහ එක්සත් රාජධානිය නිදහස් වෙළඳ ගිවිසුම ඉක්මනින් අවසන් කිරීම සඳහා දෙපාර්ශවයම අතර ඵලදායි සාකච්ඡා සිදුවෙමින් පවතින බවයි.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශ‍යේ ප්‍රකාශක අරින්දම් බග්චි මාධ්‍ය හමුවේදී නිදහස් වෙළඳ ගිවිසුම්හි තත්ත්වය පිළිබඳ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පැවසුවේ, දෙපාර්ශවයම නිදහස් වෙළඳ ගිවිසුම ඉක්මනින් අවසන් කිරීමට අපේක්ෂා කරණ බවයි. මේ සම්බන්ධයෙන් සාකච්ඡා ඉදිරියට යන බව ඔහු වැඩිදුරටත් පැවසීය.

ඉන්දියාවේ සහ එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍යවරුන් විසින් 2021 මැයි 4 වන දින වැඩිදියුණු කළ වෙළඳ හවුල්කාරිත්වය දියත් කරන ලදී.2030 වන විට වෙළඳාම දෙගුණ කිරීම සහ ප්‍රධාන අංශවල වෙළඳාමට ඇති වෙළඳපල බාධක අඩු කිරීම පිළිබඳව දෙරට නායකයන් එහිදී සාකච්ඡා කරණ ලදී.

දෙපාර්ශවයම 2022 ජනවාරි 13 වන දින නිදහස් වෙළඳ ගිවිසුමක් සඳහා සාකච්ඡා ආරම්භ කර ඇත.

යෝජිත නිදහස් වෙළඳ ගිවිසුම සඳහා වන ප්‍රධාන කරුණු පිළිබඳ සාකච්ඡා ඔක්තෝබර් අවසානය වන විට අවසන් කිරීමට ඉන්දියාවේ සහ එක්සත් රාජධානියේ නියෝජිතයින් කටයුතු කරමින් සිටී.

දෙපාර්ශ්වය විසින් යෝජිත නිදහස් වෙළඳ ගිවිසුම සඳහා වූ පස්වැනි සාකච්ඡා වටය නවදිල්ලියේ දී ජූලි 29 වැනිදා අවසන් කර තිබුණි.

ඉන්දියාවේ වාණිජ හා කර්මාන්ත අමාත්‍යාංශය අගෝස්තු 3 දා ප්‍රකාශ කළේ 2022 ඔක්තෝබර් අවසන් වන විට විස්තීර්ණ හා සමබර නිදහස් වෙළඳ ගිවිසුමක් පිළිබඳ සාකච්ඡා අවසන් කිරීම සඳහා ඉලක්කය කරා ඉන්දියාව සහ එක්සත් රාජධානියේ නිලධාරීන් කටයුතු කරනු ඇති බව ය.

ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස්