එක්සත් ජාතීන්ගේ සාම සාධක කටයුතු සහ ත්‍රස්තවාදයට එරෙහිව ඇමරිකාව සහ ඉන්දියාව ඔවුන්ගේ අඛණ්ඩ සහයෝගීතාවය පවත්වාගෙන යාමට නැවතත් එකඟව ඇත.ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස් වාර්තා කරන අන්දමට බදාදා නවදිල්ලියේ පැවති එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ සහ අනෙකුත් බහුපාර්ශ්වික ගැටළු පිළිබඳ උපදේශන අතරතුර මෙම කාරණය සාකච්ඡාවට ලක් විය.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයට අනුව දෙපාර්ශවය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ න්‍යාය පත්‍රයේ විවිධ තේමාවන් සහ ඉන්දියා-එක්සත් ජනපද විස්තීර්ණ ගෝලීය උපායමාර්ගික හවුල්කාරිත්වයට අදාළ කරුණු පිළිබඳව සාකච්ඡා කෙරිණි.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය අවධාරණය කළේ ත්‍රස්තවාදය මර්දනය කිරීම සහ එක්සත් ජාතීන්ගේ සාම සාධක කටයුතු සම්බන්ධයෙන් ඔවුන්ගේ සහයෝගීතාවය අඛණ්ඩව පවත්වාගෙන යාමට දෙපාර්ශ්වයම එකඟ වූ බවයි.

2022 දෙසැම්බරයේ පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයෙහි ඉදිරි සභාපති ධුරය පිළිබඳව ඉන්දීය පාර්ශවයෙන් කරුණු දක්වන ලදී.එමෙන්ම එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 77 වැනි සැසිවාරයේදී දෙපාර්ශ්වයේ ප්‍රමුඛතා ද සාකච්ඡාවට බඳුන් විය.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයට අනුව දෙරට එක්ව සහය දක්වන වැඩසටහන් සහ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාව සඳහා එක්සත් ජාතීන්ගේ සාම සාධක මධ්‍යස්ථානයේ විසින් පවත්වනු ලබන අඛණ්ඩ පුහුණු වැඩසටහන් පිළිබඳව එහි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් ද ඉන්දීය සහ එක්සත් ජනපද නියෝජිත පිරිස දැනුවත් කරන ලදී.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ එක්සත් ජාතීන්ගේ-දේශපාලන කටයුතු භාර සම ලේකම් ප්‍රකාශ් ගුප්තා විසින් ඉන්දියානු දූත පිරිසට නායකත්වය ලබා දුන්නේය. එක්සත් ජනපද දූත පිරිසට නායකත්වය දුන්නේ ජාත්‍යන්තර සංවිධාන කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම්, රාජ්‍ය දෙපාර්තමේන්තුවේ තානාපති මිචෙල් ජේ සිසන් විසින්ය.

ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස්