ඉන්දියාව සහ අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමය(ආසියන්) ඔවුන්ගේ හවුල්කාරිත්වයේ වර්තමාන ප්‍රගතිය සමාලෝචනය කළහ.

නවදිල්ලියේ පැවැති ආසියාන්-ඉන්දියා සංවාදයේ විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීමේදී අවධානය යොමු වු ක්ෂේත්‍ර වූයේ සෞඛ්‍ය, වෙළඳ සහ වාණිජ, සම්බන්ධතා – භෞතික සහ ඩිජිටල්, අධ්‍යාපනය සහ ධාරිතාව ගොඩනැගීම යනාදීය බව ඉන්දු පැසිෆික් කලාපයේ ආසියාන් ඉදිරි දැක්ම පිළිබඳ ඒකාබද්ධ ප්‍රකාශය උපුටා දක්වමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසීය.

මෙහිදී පශ්චාත් වසංගත ආර්ථික ප්‍රකෘතිය සහ කලාපීය සහ ජාත්‍යන්තර වර්ධනයන් පිළිබඳව ද අමාත්‍යවරු අදහස් හුවමාරු කර ගත්හ. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළේ එම රැස්වීමේදී සාමාජික රටවල් සම සභාපතිවරුන්ගේ ප්‍රකාශය ඒකමතිකව සම්මත කළ බවයි.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් සහ සිංගප්පූරු විදේශ කටයුතු අමාත්‍ය විවියන් බාලක්‍රිෂ්ණන් විසින් විශේෂ ආසියන්-ඉන්දියා විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීමේදී හි සම සභාපතිත්වය දරන ලදී. බෲනායි, කාම්බෝජය, ඉන්දුනීසියාව, මැලේසියාව, වියට්නාමය යන රටවල විදේශ අමාත්‍යවරුන් සහ ආසියාන් මහලේකම්වරයා සමඟ ලාඕ පීඩීආර්, පිලිපීනය සහ තායිලන්තය යන රටවල විදේශ අමාත්‍යවරුන්ගේ නියෝජිතයින් ද මෙම රැස්වීමට සහභාගී වූහ.

පුළුල් ඉන්දු-පැසිෆික් කලාපය සඳහා වන එහි දැක්මෙහි ආසියන් හි කේන්ද්‍රීයභාවය සහ ඉන්දියාවේ නැගෙනහිර ප්‍රතිපත්ති තුළින්, ආසියන් සමඟ ඇති සබඳතාවලට ඉන්දියාව දක්වන වැදගත්කම අවධාරණය කරයි. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයට අනුව, මෙම රැස්වීම් මිත්‍රත්වයේ සහ සහයෝගීතාවයේ වාතාවරණයක් තුළ පවත්විණ.

දිවා කාලයේදී ආසියන් විදේශ අමාත්‍යවරුන් සහ ආසියන් මහලේකම්වරයා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද හමුවිය.

ආසියන් විදේශ අමාත්‍යවරුන්, ආසියන් මහලේකම් සහ විදේශ අමාත්‍යවරුන්ගේ නියෝජිතයින් ‘දිල්ලි සංවාදයේ (DDXII) දොළොස්වන අදියරේ අමාත්‍ය සැසිවාරය අමතනු ඇත.මෙම සංවාදයේ මූලිකත්වය ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් දරණු ඇත.

2009 දී දියත් කරන ලද, දිල්ලි සංවාදය යනු ඉන්දියාවේ ප්‍රමුඛතම වාර්ෂික සංවාදය වේ. සමකාලීන ගෝලීය සහ කලාපීය වාතාවරණය තුළ ආසියාන්-ඉන්දියා සබඳතා ශක්තිමත් කිරීම එහි අරමුණයි.

ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස්