ඉන්දියාව විසින් සපයන ණය සහනය යටතේ ශ්‍රී ලංකාවට ජල කැනන් වාහන සැපයූ බවට වන වාර්තා ඉන්දියාව ප්‍රතික්ෂේප කරයි.

Spread the love

ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ලබා දී ඇති කිසිදු ණය මාර්ගයක් යටතේ කිසිදු ජල කැනන් වාහනයක් ඉන්දියාව විසින් සපයා නොමැති බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සෙනසුරාදා ප්‍රකාශ කළේය.

මේ සම්බන්ධ වාර්තාවලට ප්‍රතිචාර දක්වමින් මහ කොමසාරිස් කාර්යාලය කියා සිටියේ, “ඉන්දියා රජය විසින් දීර්ඝ කරන ලද ණය මාර්ගයක් යටතේ ශ්‍රී ලංකා රජය විසින් ජල කැනන් වාහනයක් ආනයනය කර ඇති බවට වාර්තා සත්‍යයෙන් තොර ඒවා බවයි.

වත්මන් තත්ත්වය තුළ ශ්‍රී ලංකාවේ ජනතාවට අවශ්‍ය ආහාර, ඖෂධ සහ අනෙකුත් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ශ්‍රී ලංකාවේ ජනතාවට ලබා දීම සඳහා ශ්‍රී ලංකාවට වෙත කරණ  ඇ.ඩො. බිලියන 1 ක ණය සහනයෙන් අපේක්ෂා කෙරේ.

“මෙවැනි අසත්‍ය වාර්තා ශ්‍රී ලංකාවේ ජනතාව මුහුණ දෙන අඛණ්ඩ අභියෝගවලට මුහුණ දීම සඳහා ගෙන ඇති ප්‍රයත්නයන්ට කිසිදු සාධනීය දායකත්වයක් නොදක්වයි” යනුවෙන් මහ කොමසාරිස් කාර්යාලය වැඩිදුරටත් පෙන්වා දෙයි.

ඉන්දීය රජය විසින් මෙම වසරේ මාර්තු 17 වන දින ඉන්දීය රාජ්‍ය බැංකුව හරහා ශ්‍රී ලංකා රජයට ඇමරිකානු ඩොලර් බිලියන 1 ක සහනදායී ණයක් ලබා දී ඇත.

මෙම ණය හසුකම යටතේ සහල්, රතු මිරිස් වැනි ආහාර ද්‍රව්‍ය දැනටමත් ඒ යටතේ සපයා ඇත. රජයේ සහ ජනතාවගේ ප්‍රමුඛතාවය  මත සීනි, කිරිපිටි, තිරිඟු, ඖෂධ, ඉන්ධන සහ කාර්මික අමුද්‍රව්‍ය සැපයීම සිදු වෙමින් පවති.

ඉන්දීය රාජ්‍ය බැංකුව විසින්  සපයන ණය  පහසුකමේ මෙහෙයුම් අංශ පිළිබඳ විස්තර නිකුත් කර ඇති බව ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස් වාර්තා කරයි.

ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස්

Related Posts