ගෝලීය ආර්ථික පීඩනය හමුවේ ආර්ථික උද්ධමනය උච්චතම අවස්ථාවට පැමිණීමත් සමඟ ලෝකයේ වේගයෙන්ම වර්ධනය වන ආර්ථිකය බවට පත්වීමට ඉන්දියාව අපේක්ෂා කරන බව ඉන්දීය සංචිත බැංකුව සෙනසුරාදා ප්‍රකාශ කළේය.

ඉන්දීය සංචිත බැංකුව නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ නව ග්‍රාමීය ඉල්ලුම ඉක්මනින් නාගරික වියදම් සමඟ ග්‍රහණය කර ප්‍රකෘතිමත් වීම තහවුරු කරනු ඇතැයි අපේක්ෂාව කරන බවයි.

භූ දේශපාලන බලපෑමේ ආර්ථික ප්‍රතිවිපාක ප්‍රකෘතිමත් වීමේ වේගය අඩු කරමින් අංශ කිහිපයකින් දෘශ්‍යමාන වීම දැකගක හැකිවේ, යැයි ඉන්දීය සංචිත බැංකුව පැවසීය.

එමෙන්ම “මෙම අතිමහත් කම්පනය තිබියදීත් ලෝක ආර්ථිකය ගිනි පුපුරක් වී ඇති අතර එය වටලනු ලැබුවද ලෝකයේ වේගයෙන්ම වර්ධනය වන ආර්ථිකය බවට පත්වීමට ඉන්දියාව සුදානම් බවයි. කෙසේ වෙතත්, එහි කාල රාමුව සඳහන් කර නැත.

භාණ්ඩ හා සේවා වල මිලේහි ස්ථායිතාවය සැපයුම් දාම පීඩනය ලිහිල් කිරීමත් සමඟම පවති නම්, මෑත කාලීන උද්ධමනයේ අහිතකර බලපෑම අවසන් වනු ඇතැයි ඉන්දීය සංචිත බැංකුව පවසයි.

ඉන්දියාවේ වාර්ෂික පාරිභෝගික උද්ධමනය මහ බැංකුවේ සීමාවෙන් ඔබ්බට ගිය සියයට 7 සීමාවට වඩා ඉහළින් පැවති ඇත.නොකඩවා හයවැනි මාසයටත් මෙය සිදුවී ඇතැයි දත්ත අනාවරණය කරයි.

උද්ධමනයේ පීඩනය ඉහළ යාමේ ප්‍රධාන ප්‍රභවයක් පහත වැටීමට හැකි වන පරිදි සැපයුම් දාම පීඩනය ගෝලීය වශයෙන් සහ ඉන්දියාව තුළ ඉහළ යන බවට වත්මනේදී සාක්ෂි තිබේ යැයි සංචිත බැංකුව පවසයි.

ඉන්දීය සංචිත බැංකුව අවධාරණය කළේ බොර තෙල් බැරලයක මිල ඩොලර් 105 ක සාමාන්‍යයක් නම් 2022/23 දී ජංගම ගිණුමේ හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 2.3 දක්වා පුළුල් විය හැකි බවයි.එසේ සදහන් කොට ඇත්තේ ඉන්දියාවේ ජංගම ගිණුමේ හිඟය මත ඉහළ ගෝලීය බොරතෙල් මිලෙහි බලපෑම ගැන සඳහන් කරමින්ය.එසේ වූවද බොරතෙල් බැරලයකට ඩොලර් 120 ක වුවත්,සියයට 3 ක තිරසාර සීමාව තුළ පවතී නම් ජංගම ගිණුමේ හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 2.8 දක්වා පුළුල් වනු ඇත.

ජුනි මාසයේදී නිකුත් කරන ලද දත්ත පෙන්වා දෙන්නේ ඉන්දියාවේ ජංගම ගිණුමේ හිඟය 2021/22 දී දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 1.2 ක් වූ බවයි.

ඉන්දියාවේ විදේශීය ණය දළ දේශීය නිෂ්පාදිතයට සමානුපාතිකව මධ්‍යස්ථව පවතින අතර විදේශ ණය 2021 මාර්තු සහ 2022 මාර්තු අතර පහත වැටී ඇතැයි ඉන්දීය සංචිත බැංකුව පැවසීය.

ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස්