ඉන්දීය වාණිජ හා කර්මාන්ත අමාත්‍ය පියුෂ් ගෝයල් බදාදා නිවේදනය කළේ ආරම්භකයින් 75,000ක් නිල වශයෙන් පිළිගැනීමෙන් ඉන්දියාව ඓතිහාසික සන්ධිස්ථානයකට පැමිණ ඇති බවයි.මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේ නවෝත්පාදන සහ ව්‍යවසායක දත්ත මගින් එහි වර්ධනය විදහා දක්වන බවයි.

ඉන්දීය කර්මාන්ත හා අභ්‍යන්තර වෙළෙඳ ප්‍රවර්ධනය සඳහා වූ දෙපාර්තමේන්තුව විසින් 75,000කට අධික ආරම්භක ව්‍යාපාර ප්‍රමාණයක් හඳුනාගෙන ඇත.

ඉන්දියානු ආරම්භක ව්‍යාපාර පද්ධතිය තවමත් නිර්මාණශීලීත්වය සහ ව්‍යවසායකත්වයෙන් පෝෂණය වන බව අමාත්‍යවරයා පැවසීය.

පුරවැසියන්ගේ ව්‍යවසායකත්ව හැකියාවන් උපයෝගී කර ගන්නා නව ඉන්දියාවක් පිළිබඳව 2015 අගෝස්තු 15 වන දින,ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි රතු කොටුවේ පැවති නිදහස් දින සැමරුම් උත්සවයේදී පැවසීය.

නවෝත්පාදන සහ ව්‍යවසායකයින් පෝෂණය කිරීම සඳහා ශක්තිමත් පරිසර පද්ධතියක් නිර්මාණය කිරීමේ ක්‍රියාකාරී සැලැස්මක් සැකසීමේ වැඩසටහනක් ඉන්දීය ජාතික ආරම්භක ව්‍යාපාර දිනය ලෙස පිළිගැනෙන 2013 ජනවාරි 16 වන දින ආරම්භ කරන ලදී.එයින් වසර හයක් ඇතුළත ඉන්දියාවේ ආරම්භක ව්‍යාපාර පරිසර පද්ධතිය ලෝකයේ තුන්වන විශාලතම ආරම්භක ව්‍යාපාර පරිසර බවට පත්ව ඇත.

ඉන්දියාවට ආරම්භක ව්‍යාපාර 10,000 හඳුනාගැනීමට කාලය දින 808ක් ගත විය. මෑතකාලීන ආරම්භක ව්‍යාපාර 10,000 හඳුනා ගැනීමට දින 156ක් පමණක් ගත විය.

ඉන්දියාවේ ආරම්භක ව්‍යාපාර සංස්කෘතියට ඉතා දීප්තිමත් අනාගතයක් ඇත, මුළු පිළිගත් ආරම්භක ව්‍යපාර ආයතනවලින් 12% ක් පමණ තොරතුරු තාක්ෂණ අංශයේද, 9% ක් සෞඛ්‍ය සේවා සහ ජීවිත විද්‍යා අංශයේද, 7% අධ්‍යාපන අංශයේද, 5% වෘත්තීය සහ ව්‍යාපාරික සේවා අංශයේ සහ 5% ක් කෘෂිකාර්මික අංශයද වේ.

ඉන්දියානු ආරම්භක පරිසර පද්ධතිය මේ වන විට විස්මිත රැකියා ලක්ෂ 7.46ක් උත්පාදනය කර ඇත.අතර එය පෙර වසර හයට වඩා 110%ක වැඩිවීමකි.

ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස්