ඉන්දියාවේ මූල්‍ය දායකත්වය යටතේ ඉදිකරන ලද හදිසි වෛද්‍ය සේවා ඒකකයක් මාලදිවයිනේ රෝහලක විවෘත කර ඇත.ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මාලදිවයිනේ විදේශ අමාත්‍ය අබ්දුල්ලා ෂාහිඩ් කියා සිටියේ මෙම ඒකකය බා ඇටෝල් ධරාවන්ධූ රෝහලේ විවෘත කර ඇති බවයි.

එම පණිවුඩයේ ඔහු වැඩිදුරටත් දක්වා තිබූනේ ඉන්දියාවෙන් මාලදිවයිනට ලබා දෙන ආධාර ප්‍රදානය යටතේ බී.ධරාවන්ධූහි විවෘත කරන ලද හදිසි වෛද්‍ය සේවා ඒකකය දූපත් ප්‍රජාවන්හි මූලික සේවාවන් සංවර්ධනය කිරීමේ ඉදිරි පියවරක් ලෙසය.

මාලදිවයිනේ ඉන්දීය මහ කොමසාරිස් මුනු මහාවර් සහ මාලදිවයිනේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය, පවුල් සහ සමාජ සේවා අමාත්‍ය අයිෂාත් මොහොමඩ් ඩිඩි යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම සෞඛ්‍ය වෛද්‍ය ඒකකය මාලදිවයින් ප්‍රජාව වෙත කැප කරන ලදී.

මෙම පරිත්‍යාගය පිළිබඳව මාලදිවයිනේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් ට්වීටර් පණිවුඩයක් නිකුත් කළේය. මෙම වෛද්‍ය ඒකකය ජනතා කේන්ද්‍රීය ව්‍යාපෘති සඳහා ඉන්දියාවේ කැපවීම කලාපීය රාජ්‍යයන්ට සහය දැක්වීම පිළිබඳ දීප්තිමත් උදාහරණයක් ලෙස එහි දක්වා තිබිණ.

මෙම ව්‍යාපෘතියේ පිරිවැය මාලදිවයින් රුෆියා මිලියන 8.5 ක් වන අතර ඉන්දියානු රුපියල් 4,14,58,782 ක් පමණ වේ මෙම පිරිවැයෙන් මාලදිවයින් රුෆියා මිලියන 7.5 පමණ මුදලක් ඉන්දීය පරිත්‍යාග යටතේ ඉන්දියාවෙන් ලැබේ. මාලදිවයින් රජය ද වෛද්‍ය සේවා ඒකකයට අර්ධ වශයෙන් අරමුදල් සපයන ලදී.

හනිමාධූ ජාත්‍යන්තර ගුවන්තොටුපල සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳව මාලදිවයින් විදේශ අමාත්‍යවරයා ට්වීට් කළේය.මෙය සීමාසහිත ප්‍රාදේශීය ගුවන් තොටුපල සමාගම සහ ජේ.එම්.සී ව්‍යාපෘති (ඉන්දියාව) ලිමිටඩ් අතර මෙම සතියේ අත්සන් කරන ලද කොන්ත්‍රාත්තුවේ කොන්දේසි යටතේ ක්‍රියාත්මක කෙරේ.

මාලදිවයින් විදේශ අමාත්‍ය අබ්දුල්ලා ෂාහිඩ්ට අනුව ආපදා ආධාර, කොවිඩ්-19 වසංගතය, එන්නත් ලබා ගැනීමේ හැකියාව සහ ආර්ථික ප්‍රකෘතිය වැනි බාධක ජය ගැනීමට , ඉන්දියාව ප්‍රයෝජනවත් හවුල්කරුවෙකු වී ඇත.ඔහු හින්දි භාෂාවෙන් ඉන්දියාවට සුබ පැතුම් එවා තිබුණි.

ඉන්දියාව සහ මාලදිවයින අතර සංවර්ධන සහයෝගීතාව ඉහල මට්ටමක පවතී. ජාත්‍යන්තර අපරාධ සහ ආපදා ආධාරවලට එරෙහි සටනේදී කලාපීය සහයෝගීතාව සඳහා ආදර්ශයක් ලෙස සේවය කරයි. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ මාලදිවයිනේ ජනාධිපති ඊබ්‍රහිම් මොහොමඩ් සෝලි පසුගිය මාසයේ නවදිල්ලියේදී හමුවිය.මෙහිදී ද්වීපාර්ශික සබඳතා තවදුරටත් ශක්තිමත් විය.

එම හමුවේදි නායකයන් දෙදෙනා සමුද්‍රීය ආරක්‍ෂාව, සමුද්‍ර වසම් දැනුවත් කිරීම, මානුෂීය ආධාර සහ ආපදා සහන පිළිබඳ සහයෝගිතාව වර්ධනය කිරීම සඳහා ධාරිතා ගොඩනැංවීමේ ප්‍රයත්නයන් සිදුකිරීමට තීරණය කළහ.

ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස්