ඉන්දියාව-එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විස්තීරණ ආර්ථික හවුල්කාරිත්ව ගිවිසුම බලාත්මක වේ

Spread the love

ඉන්දියා-එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විස්තීරණ ආර්ථික සහයෝගිතා ගිවිසුම  යටතේ ඉන්දියාවේ සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත ස්වර්ණාභරණ නිෂ්පාදන වලින් සමන්විත පළමු භාණ්ඩ තොගය අපනයනය කිරීමේ අවස්ථාව සනිටුහන් කිරීම සඳහා ඉන්දීය වාණිජ ලේකම් බී.වී.ආර් සුබ්‍රමනියම් විසින් නවදිල්ලියේදී ආරම්භ කරන ලදී.

මෙම වසරේ පෙබරවාරි 18 වන දින අත්සන් කරන ලද ඉන්දියා-එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සීපා ගිවිසුම යටතේ වසර පහක් ඇතුළත ද්විපාර්ශ්වික භාණ්ඩ වෙළඳාමේ මුළු වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 100 කට වැඩි අගයක් කිරීමට සහ සේවා වෙළඳාම ඩොලර් බිලියන 15 කට වඩා වැඩි කිරීමට අපේක්ෂා කරන බව ඉන්දීය වාණිජ සහ කර්මාන්ත අමාත්‍යාංශය පවසයි.

සමස්තයක් වශයෙන්, ඉන්දියාව එක්සත් අරාබි එමීර් රාජ්‍යයට කරන ලද ඉන්දියානු අපනයනවලින් 99% කට වැඩි ප්‍රමාණයක් සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් සපයන ලද වරණීය වෙළඳපල ප්‍රවේශයෙන් ප්‍රතිලාභ ලබනු ඇත. එය අගය අනුව විශේෂයෙන් මැණික් හා ස්වර්ණාභරණ, රෙදිපිළි, සම් වැනි ශ්‍රම-අධික අංශවලින් , පාවහන්, ක්‍රීඩා භාණ්ඩ, ප්ලාස්ටික්, ගෘහ භාණ්ඩ, කෘෂිකාර්මික සහ දැව නිෂ්පාදන, ඉංජිනේරු නිෂ්පාදන, ඖෂධ, වෛද්‍ය උපකරණ සහ මෝටර් රථ යන ක්ෂෙත්‍ර බව අමාත්‍යාංශය පෙන්වා දෙයි.

“සේවා වෙළඳාම සම්බන්ධයෙන්, ඉන්දියානු සේවා සපයන්නන්ට පුළුල් සේවා අංශ 11 කින් උප අංශ 111 කට පමණ ප්‍රවේශය වැඩි දියුණු කළ හැකිය,” අමාත්‍යාංශය වැඩිදුරටත් පැවසීය.

නවදිල්ලි නුවර පැවති උත්සවයකදී අදහස් දක්වමින් වාණිජ ලේකම් සුබ්‍රමනියම් කියා සිටියේ ගිවිසුම සාකච්ඡා කර ඇති කෙටි කාලය නිසා එය ප්‍රවනතා සකස් කළ එකක් බවයි.

මෙම ගිවිසුම දෙරටේ නායකයින්ගේ දැක්මේ ප්‍රතිඵලයක් බව සඳහන් කළ වාණිජ ලේකම්වරයා ඉන්දියාවට එක්සත් අරාබි එමීර් රාජ්‍යය ලෝකයට දොරටුවක් වනු ඇති බව පැවසීය.

ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ ඉන්දීය නිෂ්පාදන තරගකාරී වීමේ අවශ්‍යතාව අවධාරණය කළ ලේකම්වරයා, ධාරිතාවයන් ගොඩනැගීමේ හා වැඩි කිරීමේ අවශ්‍යතාවක් පවතින බව පැවසීය.

අභ්‍යන්තර ප්‍රදේශවල නිෂ්පාදන ද තරඟකාරී විය හැකි පරිදි සැපයුම් පිරිවැය අඩු කිරීමට රජය කටයුතු කරමින් සිටින බව ද ඔහු පැවසීය.

ඉන්දියාව අනුපූරක ආර්ථිකයන් සමඟ ඉතා වේගයෙන් වෙළඳ ගිවිසුම් සාකච්ඡා කරමින් සිටින බවත් එක්සත් රාජධානිය, කැනඩාව සහ යුරෝපා සංගමය සමඟ සාකච්ඡා කරමින් සිටින බවත් වාණිජ ලේකම්වරයා දැනුම් දුන්නේය.

පසුගිය මූල්‍ය වර්ෂය තුළ ඩොලර් බිලියන 670 ක අපනයන (භාණ්ඩ සහ සේවා) දළ දේශීය නිෂ්පාදිතයෙන් 22-23% ක් වූ බව ප්‍රකාශ කළ සුබ්‍රමනියම්, අපනයන සෑම ආර්ථිකයකම වර්ධනයේ වැදගත් එන්ජිමක් බවත් ලෝකය විශ්වාසදායක රටක් ලෙස ඉන්දියාව දෙස බලා සිටින බවත් පැවසීය.

2047 දී ඉන්දියාවේ අනාගතය පිළිබඳ දැක්මක් ප්‍රකාශ කරමින් වාණිජ ලේකම්වරයා පැවසුවේ ඉදිරි වසර 25 තුළ ඉන්දියාව ඩොලර් ට්‍රිලියන 40 ක ආර්ථිකයක් වනු ඇති බවයි.

ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස්

Related Posts