![](https://s.readsrilanka.com/wp-content/uploads/2022/06/20220516-wsfl20220516101as-9.jpg)
මාර්ග කිලෝමීටර් 75ක අධිවේගී මාර්ගයක් පැය 105කට වඩා වැඩි කාලයක් තුල දින පහකට අඩු කාලයකදී නිමකිරීමෙන් ඉන්දියාවේ ජාතික මහාමාර්ග අධිකාරිය ගිනස් ලෝක වාර්තා අතරට එක් වෙයි.
ඉන්දියාවේ ජාතික මහාමාර්ග අධිකාරිය පැය 105 යි මිනිත්තු 33 කින් ජාතික මහා මාර්ග අංක 53 හි තනි මංතීරුවකට තාර කොන්ක්‍රීට් කිලෝමීටර 75 ක් වත් කිරීමෙන් නව ගිනස් ලෝක වාර්තාවක් පිහිටුවා ඇති බව ඉන්දීය මාර්ග ප්‍රවාහන හා මහාමාර්ග පිළිබඳ අමාත්‍ය නිතින් ගඩ්කාරි පැවසුවේය.
ඉන්දියාවේ ජාතික මහා මාර්ග අංක 53 හි ඉදිතිරීම අමරාවතී සහ අකෝලා දිස්ත්‍රික්ක අතර 2022 ජූනි 3 සිට 7 දක්වා යැයි ගිනස් ලෝක වාර්තා සහතිකය පවසයි.“දිගම තාර කොන්ක්‍රීට් කැබැල්ලක් අඛණ්ඩව අතුරා ඇත්තේ රාජ් පාත් ඉන්ෆ්රාකොන් පුද්ගලික සමාගම සහ ජග්දීෂ් කඩම් සමාගම විසිනි.
2019 පෙබරවාරි මාසයේදී කටාර්හි දෝහා හි දින 10කින් කිලෝමීටර් 25.275 ක දිගකින් යුත් මාර්ගය නිම කිරීම මීට පෙර පැවති ගිනස් ලෝක වාර්තාව වේ.
2022 ජූනි 3 වන දින පෙ.ව. 7:27 ට ආරම්භ කර 2022 ජූනි 7 වන දින සවස 5:00 ට අවසන් කරන ලද කාර්යයට ඉන්දියාවේ ජාතික මහාමාර්ග අධිකාරියේ වෘත්තිකයින්, ස්වාධීන උපදේශකයින් කණ්ඩායමක් සහ කම්කරුවන් ඇතුළුව 720 ක් පමණ සම්බන්ධ වී ඇත.
තනි මංතීරුවක අඛණ්ඩ තාර කොන්ක්‍රීට් මාර්ගයේ කිලෝමීටර 75 ක මුළු දිග මංතීරු දෙකකින් යුත් තාර පාරේ කිලෝමීටර 37.5 ට සමානය
අමරාවතී සිට අකෝලා දක්වා කොටස ජාතික මහාමාර්ග අංක-53 හි කොටසක් වන අතර වැදගත් නැගෙනහිර-බටහිර කොරිඩෝවකි.මෙම මාර්ගය කොල්කටා – රායිපූර් – නාග්පූර් – අකෝලා – ධූලේ – සූරත් වැනි ප්‍රධාන නගර සම්බන්ධ කරයි.මෙම කොටස අපේ රටේ ඛනිජ පොහොසත් කලාපය හරහා ගමන් කරයි.
මෙම ලෝක වාර්තාව සාක්ෂාත් කර ගැනීම සඳහා ආධාර වූ ව්‍යාපෘතියේ විශිෂ්ට ක්‍රියාත්මක කිරීම පිළිබඳව ඉන්දීය මාර්ග ප්‍රවාහන හා මහාමාර්ග පිළිබඳ අමාත්‍ය නිතින් ගඩ්කාරි ඉන්දියාවේ ජාතික මහාමාර්ග අධිකාරිය සහ රාජ් පාත් ඉන්ෆ්රැකොන් පුද්ගලික සමාගමේ සියලුම ඉංජිනේරුවන්, කොන්ත්‍රාත්කරුවන්, උපදේශකයින් සහ සේවකයින්ට ප්‍රශංසා කළේය.
ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස්