ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සඳුදා ටෝකියෝ නුවරදී ජපානයේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික නායකයින් හමුවී සාකච්ඡා කළේය. ඉන්දීය අගමැතිවරයා ක්වාඩ් නායකයින්ගේ සමුළුවට සහභාගී වීම සඳහා ජපානයේ සංචාරයක නිරතව සිටී.

ඉන්දීය අගමැතිවරයා ජපානයේ නෙක්(NEC) සංස්ථාවේ සභාපති නොබුහිරෝ එන්ඩෝ ,සීමාසහිත ෆාස්ටි වෙළද සමාගමෙහි සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී තදාෂී යනායි, සුසුකි මෝටර් සංස්ථාවේ ජ්‍යෙෂ්ඨ උපදේශක ඔසාමු සුසුකි; සහ සොෆ්ට්බෑන්ක් කෝපරේෂන් හි අධ්‍යක්ෂ සහ නිර්මාතෘ මසායෝශී සන් යන අයද හමු වි ඵලදායි ආර්ථික සාකච්ඡා පැවැත්වීය.

නෙක් සංස්ථාවේ සභාපති නොබුහිරෝ එන්ඩෝ සමඟ පැවති සාකච්ඡාවේදී, අගමැති මෝදි ඉන්දියාවේ විදුලි සංදේශ අංශයට, විශේෂයෙන් චෙන්නායි-අන්දමන් සහ නිකොබාර් දූපත් (CANI) සහකොචි-ලක්ෂද්වීප් දූපත් ව්‍යාපෘති භාර ගැනීමේදී නෙක්හි දායකත්වය අගය කළේය.ඔවුන් ඉන්දියාවේ නව සහ නැගී එන තාක්ෂණයන්හි ඇති අවස්ථා පිළිබඳව ද සාකච්ඡා කළහ.

කාර්මික සංවර්ධනය, බදුකරණය සහ ශ්‍රමය ඇතුළුව ඉන්දියාවේ ව්‍යාපාර කිරීමේ පහසුව සඳහා ගෙන යන විවිධ ප්‍රතිසංස්කරණ පිළිබඳව ඔවුහු සාකච්ඡා කළහ.

ඔහු සීමාසහිත ෆාස්ටි වෙළද සමාගමෙහිහි සභාපති,තදාෂී යනායි හමුවිය.මෙම හමුවේදී ඔවුන් දෙදෙනාම ඉන්දියාවේ ශීඝ්‍රයෙන් වර්ධනය වන රෙදිපිළි සහ ඇඟලුම් කර්මාන්ත අමතමින් විදේශ ආයෝජකයින්ට ඉන්දියාවේ ව්‍යාපාර පවත්වාගෙන යාම පහසු කිරීම සඳහා කාර්මික සංවර්ධනය, යටිතල පහසුකම්, බදු සහ ශ්‍රමය යන ක්ෂේත්‍රවල අනාගත ප්‍රතිසංස්කරණ කිහිපයක් සමාලෝචනය කළහ.

ඉන් අනතුරුව අගමැති මෝදි සුසුකි මෝටර් කෝපරේෂන් හි ජ්‍යෙෂ්ඨ උපදේශක ඔසාමු සුසුකි හමුවිය. මෙම හමුවේදී, ඉන්දීය මෝටර් රථ අංශයේ සුසුකි මෝටර්ස්හි පරිවර්තනීය භූමිකාව ප්‍රශංසා කළ අගමැතිවරයා ඉන්දියාවේ ආයෝජන හැකියාව පිළිබඳව සාකච්ඡා කළේය.

ජපානය-ඉන්දියා නිෂ්පාදන ආයතන සහ ජපන් එන්ඩොව්ඩ් පාඨමාලා හරහා නිපුණතා සංවර්ධනය වැනි ඉන්දියාවේ දේශීය නවෝත්පාදන පද්ධතිය ශක්තිමත් කිරීමේ ක්‍රම පිළිබඳව ද ඔවුහු කතා කළහ.

අගමැති මෝදි අධ්‍යක්ෂ මණ්ඩල අධ්‍යක්ෂ සහ නිර්මාතෘ, සොෆ්ට්බෑන්ක් කෝපරේෂන් මසයෝෂි සෝන් ද හමු වූ අතර, තාක්‍ෂණය, බලශක්තිය සහ මූල්‍ය ඇතුළු අංශවල ඉන්දියාවේ සෝ‍ෆ්ට්බැන්ක්‍‍හි අනාගත සැලසුම් සහ ඉන්දියාව ව්‍යාපාරික හිතකාමී රටක් බවට පත් කිරීම සඳහා බොහෝ අනාගත වෙනස්කම් සමාලෝචනය කළහ.

අගමැති මෝදි සමුළුවට සමගාමීව එක්සත් ජනපද ජනාධිපති ජෝ බිඩෙන්, ජපාන අගමැති කිෂිඩා සහ ඕස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීස් සමඟ ද්විපාර්ශ්වික හමුවීම් පවත්වනු ඇති බව ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස් වාර්තා කරයි.