අත්‍යවශ්‍ය සැපයුම් හිඟයකින් හා දැඩි ආර්ථික අර්බුදයකින් පොරබදමින් සිටින ශ්‍රී ලංකාවට ඉන්දීය ආධාර යටතේ සැපයූ ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක තොගයක් සඳුදා සවස කොළඹ වරායට සේන්දු විය.

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය අඟහරුවාදා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මේ බව සිටියේය.

තවත් පෙට්‍රල් මෙට්‍රික් ටොන් 40,000ක් ඉන්දීය ආධාර යටතේ මැයි 23 වැනි දින කොළඹට ළඟා වී තිබිණ. ඉන්දියාවෙන් ණය සහනය යටතේ එවැනිම ඩීසල් ප්‍රමාණයක් මීට පෙර ලැබී තිබිණ.

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ විසින් ශ්‍රී ලංකා රුපියල් බිලියන 2කට වැඩි වටිනාකමකින් යුත් සහල්, කිරිපිටි සහ ඖෂධ කොළඹදී ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් වෙත පසුගිය මැයි 22දා භාරදී තිබුණි.

තමිල්නාඩු රජය විසින් සහල් මෙට්‍රික් ටොන් 40,000ක්, කිරිපිටි මෙට්‍රික් ටොන් 500ක් සහ ඖෂධ ලබාදීමේ පරිත්‍යාගය යටතේ පැමිණි පළමු තොගය මෙයයි. මෙම ආධාර වල වටිනාකම ශ්‍රී ලංකා රුපියල් බිලියන 5.5 කට වඩා වැඩි වන බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කර ඇත.

අඛන්ඩව පවතින ආර්ථික අර්බුදය මධ්‍යයේ ඉන්දියාව සහයෝගය ලබා දීම පිළිබඳව ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීය මුදල් අමාත්‍ය සීතාරායන් වෙත ට්වීටර් සන්නිවේදනය ක්‍රමය හරහා ස්තූතිය පළ කළේය.

ආර්ථික අර්බුදය ශ්‍රී ලංකාව තුළ දේශපාලන අර්බුදයක් ඇති කර ඇති අතර, එය හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු මුළු රජයම ඉල්ලා අස්වීමටත් නව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පත් කිරීමටත් හේතු විය.

විදේශ සංචිතවල ව්‍යසනකාරී හිඟයක ප්‍රතිඵලයක් ලෙස පෙට්‍රල්, ඉවුම් පිහුම් කටයුතු සඳහා වන ගෑස් සහ අනෙකුත් භාණ්ඩ සඳහා දිගු පෝලිම් නිර්මාණය වී ඇත. විදුලිය ඇනහිටීම සහ ආහාර මිල ඉහළ යාම ජනතාවගේ පීඩනය තවත් වැඩි කර තිබේ.ශ්‍රී ලංකාව 1948 නිදහසින් පසු විශාලතම ආර්ථික අර්බුදයට වත්මනේදී මුහුණ දෙමින් සිටී.

ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස්