සීෂෙල්ස් හි වික්ටෝරියා වරායේදී, ඒකාබද්ධ නාවික හමුදා සංධානයේ වාර්ෂික පුහුණු අභ්‍යාසය වන ඔපරේෂන් සදර්න් රෙඩිනස් සඳහා ඉන්දියානු නාවික හමුදාවට අයත් නෞකාවක් වන INS සුනයිනා, සහභාගී වේ.

ඒකාබද්ධ නාවික හමුදා සංධානය යනු ලෝකයේ විශාලතම බහු ජාතික නාවික හවුල්කාරිත්වයක් වන අතර එය ලෝකයේ වැදගත්ම නාවික මාර්ගවලින් සමන්විත වන ජාත්‍යන්තර මුහුදේ වර්ග සැතපුම් මිලියන තුනක් පුරා ආරක්ෂාව, ස්ථාවරත්වය සහ සමෘද්ධිය ප්‍රවර්ධනය කිරීම සඳහා පවතී.එහි සාමාජිකයින් කලාපීය සමුද්‍රීය ආරක්ෂාව සහතික කිරීම,වාණිජයේ නිදහස් ප්‍රවාහය ආරක්ෂා කිරීම,සහ රාජ්‍ය නොවන ක්‍රියාකාරීන්ගේ නීති විරෝධී ක්‍රියාකාරකම් වැළැක්වීම සඳහා ජාත්‍යන්තර නීති-පාදක නියෝගය තහවුරු කිරීම ඒකාබද්ධ සමුද්‍ර සංවිධානයේ ප්‍රධාන අරමුණු අතර වේ.

ඒකාබද්ධ නාවික හමුදා සංධානයෙහි ධාරිතා සංවර්ධන අභ්‍යාසවල සහායක හවුල්කරුවෙකු ලෙස ඉන්දීය නාවික හමුදාවට අයත් නෞකාව මෙම අභ්‍යාසයට සහභාගිවීමට නියමිතය.

ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය සඳුදා ප්‍රකාශ කළේ ඉන්දීය නාවික හමුදා නෞකාවකවක් ඒකාබද්ධ නාවික හමුදා සංධානයයේ අභ්‍යාසයට සහභාගී වනුයේ ප්‍රථම වරට බවයි. මෙමගින් ඉන්දියානු සාගර කලාපයේ සමුද්‍ර ආරක්ෂාව සඳහා ඉන්දීය නාවික හමුදාවේ කැපවීම ශක්තිමත් කරයි.

ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ මෙම ඒකාබද්ධ පුහුණු අභ්‍යාසය සඳහා ඇමරිකා එක්සත් ජනපදය, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, කැනඩාව, නවසීලන්තය යන රටවල නියෝජිත දූත පිරිසක් සහ එක්සත් රාජධානිය, ස්පාඤ්ඤය සහ ඉන්දියාව යන රටවල නෞකා සහභාගිත්වය ද සහභාගී වන බවයි.

INS සුනයිනා නෞකාව මෙම ඒකාබද්ධ පුහුණු අභ්‍යාසය අතරතුර දී සහභාගී වන ජාතීන් සමඟ වෘත්තීය භාවිතයන් හුවමාරු කර ගැනීමට ද නියමිතය.

ඒකාබද්ධ නාවික හමුදා සංධානය රටවල් 34කින් සමන්විත වන අතර එහි භට පිරිස් රතු මුහුද, ඒඩන් බොක්ක, උතුරු අරාබි මුහුද, ඕමාන් බොක්ක, අරාබි ගල්ෆ් සහ ඉන්දියන් සාගරයේ ක්‍රියාකාරී වේ.

ඒකාබද්ධ නාවික හමුදා සංධානයෙහි විසින් මෙහෙයුම් සූදානම වැඩිදියුණු කිරීම සහ කලාපීය සහයෝගීතාව ඉහළ නැංවීම සඳහා සැප්තැම්බර් 18 වන දින ඉන්දියානු සාගරයේ දූපත් රටක් වන සීෂෙල්ස්හි සති දෙකක යෙදවීමක් ආරම්භ කරන ලදී.

සීෂෙල්ස් මහජන ආරක්ෂක බලකාය, යුරෝපීය සංගමයේ නාවික හමුදාව, මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලය සහ ඉන්දියාව සමඟ සහයෝගයෙන්, ඒකාබද්ධ නාවික හමුදා සංධානයෙහි මෙම ඔපරේෂන් සදර්න් රෙඩිනස් අභ්‍යාසය භාරව සිටී.මෙය ඒකාබද්ධ නාවික හමුදා සංධානයෙහි ඔපරේෂන් සදර්න් රෙඩිනස් හි පළමු මෙහෙයුම වේ.

ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස්