වොස්ටොක්-2022 අභ්‍යාසයට සහභාගී වීම සඳහා ඉන්දීය 7/8 ගොර්කා රයිෆල්ස් බලකායේ ඉන්දීය හමුදා කණ්ඩායමක් රුසියාවට පිටත් විය.

ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කළේ ඔවුන් ඉදිරි දින හත තුළ ඒකාබද්ධ ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාස, සටන් සාකච්ඡා සහ ගිනි බල අභ්‍යාස ඇතුළු ඒකාබද්ධ ක්‍රියාකාරකම් රැසකට සහභාගි වන බවයි.

ඉන්දීය යුද හමුදා කණ්ඩායම ප්‍රායෝගික වලංගු කිරීම් අභ්‍යාස වලට සහ උපායශීලී අභ්‍යාස නව තාක්‍ෂණය ඒකාබද්ධ කිරීම ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීමට අපේක්ෂා කරන බව අමාත්‍යාංශය වැඩිදුරටත් පැවසීය.

වොස්ටොක්-2022 බහුපාර්ශ්වික උපායමාර්ගික සහ විධාන අභ්‍යාසයකි. බ්‍රහස්පතින්දා ආරම්භ වූ මෙම අභ්‍යාසය සැප්තැම්බර් 7 දක්වා රුසියාවේ පුහුණු පහසුකම්වල නැගෙනහිර හමුදා දිස්ත්‍රික්කයේ පැවැත්වේ.

මෙම අභ්‍යාසයේ ප්‍රධාන අරමුණු වනුයේ සහභාගී වන අනෙකුත් හමුදා කණ්ඩායම් සහ නිරීක්ෂකයින් අතර සහයෝගීතාවය ඇති කිරීමයි.

මෙම අභ්‍යාසයට රුසියානු හමුදාවේ අභ්‍යාසට හමුදා අණදෙන මධ්‍යස්ථාන, නැගෙනහිර හමුදා දිස්ත්‍රික්කයේ භට පිරිස්,දිගු දුර බනකායන් හා ගුවන් හමුදා ඒකක සහ හමුදා ප්‍රවාහන ගුවන් යානා ඇතුළත් වන බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය උපුටා දක්වමින් ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස් වාර්තා කරයි.

රුසියානු ආරක්ෂක අමාත්‍යාංශයට අනුව, සහභාගී වන හමුදා නැගෙනහිර ප්‍රදේශයේ හමුදා ආරක්ෂාව පවත්වා ගැනීමට පුහුණු වනු ඇත.චීනය, ඉන්දියාව සහ තවත් රටවල් ගණනාවකින් සෙබළුන් 50,000 කට වැඩි පිරිසක් මෙම අභ්‍යාසයට සහභාගී වනු ඇත.

සැපඩ් 2021 පසුගිය වසරේ රුසියාවේ පැවති අභ්‍යාසයට ඉන්දියාව,චීනය සහ පාකිස්තානය ඇතුළු තවත් රටවල් 17 ක් සමඟ සහභාගී විය.