ඉන්දියාවේ සමුද්‍රීය අවශ්‍යතා ආරක්ෂා කිරීම සඳහා ඉන්දියානු නාවික හමුදාව සංකල්ප් මෙහෙයුම යටතේ ගල්ෆ් කලාපයේ වසර තුනක් රාජකාරි වල නියුක්ත විය

දැනට පවතින මෙහෙයුමේ කොටසක් ලෙස INS තල්වාර් යුද නෞකාව ගල්ෆ් කලාපයේ ස්ථානගත කර ඇත.

2019 ජුනි 19 වන දින වාණිජ නැව්වලට ප්‍රහාර එල්ල කිරීමෙන් පසු ඉන්දියානු නාවික හමුදාවේ සමුද්‍රීය ආරක්ෂක මෙහෙයුම් ආරම්භ විය.

මෙමගින් පර්සියානු ගල්ෆ් සහ ඕමාන් බොක්කෙහි ඉන්දියාවේ සමුද්‍ර සහ වෙළඳ නාවික වෙළඳාම ආරක්ෂා කිරීමට අදහස් කරන ලදී.

පසුගිය වසර තුනක කාලය පුරාවටම ඉන්දීය යුද නෞකා තිස් දෙකක් මගින් දෛනිකව වාණිජ නෞකා 16කට ආරක්ෂිතව ගමන් කිරීමට සමුද්‍රීය ආරක්ෂාව සහතික කර ඇති බව ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඉන්දීය නාවික හමුදාව පැවසීය.

අරාබි මුහුදෙන් සහ ඉන්දියන් සාගරයෙන් පර්සියානු බොක්ක වෙත ඇතුළු වන එකම ස්ථානය ඕමාන් බොක්ක වන බැවින්, ඉන්දියාව ඇතුළු ලෝකයේ ප්‍රධාන තෙල් සැපයුම්කරුවන් සහ ආනයනකරුවන් එහි ආරක්ෂාව පිළිබඳ උනන්දුවක් දක්වයි.

ඉන්දියානු නාවික හමුදාවේ යුධ නැව් සහ ගුවන් යානා ඉන්දීය වෙළඳ ප්‍රජාවගේ විශ්වාසය තහවුරු කිරීමට සහ කලාපයේ ආරක්ෂාකාරී පැවැත්ම සහතික කිරීමට මතුවන ඕනෑම තත්ත්වයක් එරෙහි පළමු ප්‍රතිචාර දක්වන්නා ලෙස සිය කාර්යය මැනවින් ඉටු කොට ඇත.

ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශයට අනුව, ආරක්ෂක අමාත්‍යාංශය, විදේශ කටයුතු අමාත්‍යාංශය, නාවික අමාත්‍යාංශය, ඛනිජ තෙල් හා ස්වාභාවික වායු අමාත්‍යාංශය සහ අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු සියලුම බලධාරීන් සමඟ සමීප සහයෝගයෙන් මෙම මෙහෙයුම ක්‍රියාත්මක වේ.

ගල්ෆ් කලාපයේ තත්ත්වය තත්ත්වය පිළිබඳ නිරන්තර සෝදිසියෙන් සහ අධීක්ෂණයෙන් යුක්තව ඉන්දීය නායක හමුදාව කටයුතු කරයි. විශේෂයෙන්ම ගල්ෆ් කලාපය හරහා ගමන් කරන ඉන්දීය වාණිජ නෞකා වල ආරක්ෂාව තහවුරු කිරීම පිළිබඳව ඔවුන් කටයුතු කරයි. ඉන්දීය නායක හමුදාව රටේ සමුද්‍රීය අවශ්‍යතා ආරක්ෂා කිරීමට කැපවී ක්‍රියා කරන බව ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස්