ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ (MEA) ලේකම් දම්මු රවී මෙම සතියේදී ඉතියෝපියාවේ සංචාරයක නිරත විය. එහිදී ඔහු ඉන්දියාව සහ අප්‍රිකානු සංගමය සමීප සහයෝගීතාව පිළිබඳව සාකච්ඡා කළේය.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ආර්ථික සබඳතා පිළිබඳ ලේකම්වරයා ඉතියෝපියාවට ගිය බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය බ්‍රහස්පතින්දා ප්‍රකාශ කළේය.එමෙන්ම එම සංචාරය අතරතුරදී ඔහු විසින් අප්‍රිකානු සංගමය සමග රාජ්‍ය තාන්ත්‍රික උපදේශන සම්බන්ධ වූ බව අමාත්‍යංශය පැවසීය. අප්‍රිකානු සංගමයේ නියෝජ්‍ය සභාපතිනි මොනික් නසන්සාබගන්වා හමුවිමට ලේකම් දම්මු රවීට අවස්ථාව උදාවිය.

මේ අතර ඉන්දීය ආර්ථික සබඳතා පිළිබඳ ලේකම්වරයා ඉතියෝපියා රජය සමඟ රැස්වීමකට ද සහභාගී විය. මෙම ඉතියෝපියානු සංචාරයට ඔහු සමඟ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශයේ සම ලේකම් පුනීත් ආර්. කුණ්ඩල් ද එක් විය.

අප්‍රිකානු සංගමය සමඟ ඉන්දියාවේ සහයෝගීතාවයට අදාළ ගැටළු මෙම උපදේශන මගින් ආවරණය කරන ලදී. එමෙන්ම ඉන්දීය-අප්‍රිකා සංසද සමුළුවේ මීළඟ අදියර පැවැත්වීමේ හැකියාව මෙහිදි සාකච්ඡාවට ගැනිණ. මෙම සාකච්ඡා ඉදිරියට ගෙන යාම සඳහා ඉන්දීය-අප්‍රිකා සංසදය සමග සම්බන්ධතා ශක්තිමත්ව පවත්වා ගැනීමට දෙපාර්ශවය එකඟ විය.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසූයේ වෙළඳාම, ආයෝජන, සංවර්ධන හවුල්කාරිත්ව වැඩසටහන්, ධාරිතා ගොඩනැගීම සහ පුහුණුව ඇතුළුව අප්‍රිකාව සමඟ ඉන්දියාවේ සබඳතාවල විවිධ පැතිකඩයන් පිළිබඳව මෙම සාකච්ඡා වලදී ආවරණය කළ බවයි. මේ අතර දෙපාර්ශවය අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන කලාපීය සහ බහුපාර්ශ්වික ගැටළු පිළිබඳව ද අදහස් හුවමාරු කර ගත්හ.

ඉතියෝපියාවේ විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ටෙස්ෆායි යිල්මා සමඟ දේශපාලන හුවමාරු, සංවර්ධන සහයෝගීතාව, පුහුණුව සහ ධාරිතා වර්ධනය ඇතුළු ද්විපාර්ශ්වික ගැටලු රාශියක් විසඳීම පිළිබදව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් දම්මු රවී ඵලදායී සාකච්ඡාවක් පැවැත්වීය.

අඩිස් අබාබා හි ඉන්දීය තානාපති කාර්යාලය විසින් සංවිධානය කරන ලද ඉන්දියානු ඩයස්පෝරාවේ රැස්වීමක් ද ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම්වරයා විසින් ඇමතනු ලැබීය. මෙම අවස්ථාවට ව්‍යාපාරිකයන් 100 කට අධික පිරිසක් සහභාගි වූහ.

ජාත්‍යන්තර දේශසීමා ත්‍රස්තවාදය, එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රතිසංස්කරණය කිරීමේ අවශ්‍යතාවය සහ දේශගුණික විපර්යාස ආමන්ත්‍රණය කිරීමේ වැදගත්කම වැනි මාතෘකා සම්බන්ධයෙන් දෙරටේම සමාන අදහස් දරයි. ඉතියෝපියාව සහ ඉන්දියාව උණුසුම් ද්වීපාර්ශවික සබඳතා භුක්ති විඳියි.

ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස්