ඇගලුම් ක්ෂේත්‍රයේ මතුව ඇති ‘අර්බුධය ගැන’ රජයේ විශේෂ අවධානය – ඇමති ප්‍රසන්න

Spread the love

කොරෝනා වසංගතය හේතුවෙන් ඇගලුම් ක්ෂේත්‍රයේ මතුව ඇති අර්බුධකාරී තත්ත්වය සම්බන්ධයෙන් රජයේ විශේෂ අවධානය යොමුව ඇතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ ඉදිරියේදී ඒ සදහා අවශ්‍ය ක්‍රියා මාර්ග ගන්නා බවයි.

කෝවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය හේතුවෙන් ඇගලුම් අපනයනකරුවෝ දුෂ්කරතා රැසකට මුහුණ පා සිටින බවත් මේ නිසා ඇගලුම් ක්ෂේත්‍රයේ රැකියා කරන ලබන අයගේ රැකියා අවදානමක් පවතින බවත් පසුගිය දා වාර්තවා විය.

මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වන ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ කොරෝනා රෝගය හේතුවෙන් පත් කෙරුණ කාර්යය සාධක බලකාය දැනටමත් මේ පිළිබදව අවධානය යොමු කර ඇති බවයි. කාර්යය සාධාක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඇගලුම් අපනයනකරුවන් හා විදේශ රටවල් තානාපතිවරුන් අතර සාකච්ඡා පැවති බවත් එහිදී මේ පවතින තත්ත්වය පිළිබදව දීර්ඝ ලෙස අදහස් හුවමාරු වූ බවත් ඇමතිවරයා කියා සිටී.

ඇගලුම් කර්මාන්තය මේ මුහුණ දෙන තත්ත්වය ලෝකයටම පොදු තත්වයකි. මෙරට ඇගලුම් නිෂ්පාදන බහුල වශයෙන් අපනයන  කෙරුවේ යුරෝපා රටවලටය. යුරෝපා රටවල කොරෝනා වසංගතය පැතිර යාමත් සමග එම කර්මාන්තය අනතුරට ලක්වූ බව ඇමතිවරයා පෙන්වා දෙයි.

 ඉදිරියේදී මෙම ඇගලුම් කර්මාන්ත ශාලා  පවත්වා ගෙන යාම සදහා අවශ්‍ය සහන සැලසීමත් ඇගලුම් ක්ෂේත්‍රයේ නිරත අයගේ රැකියා සුරක්ෂිතභාවයන් වෙනුවෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමටත් අපේක්ෂා කරන බවද ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කරයි.

මේ මොහොතේ රජය සිය පූර්ණ අවධානය යොමු කර ඇත්තේ කොරෝනා වසංගතය මෙරට අවධානය යොමු කර ඇත්තේ කොරෝනා වසංගතය මෙරට ව්‍යාප්තිය පාලනය කිරීම සදහායි. ඒ නිසා තත්ත්වය පාලනය වූ වහාම ඇගලුම් කර්මාන්තයට අදාල ඉදිරි සැලසුම් ක්‍රියාවට නැංවීමට රජය අපේක්ෂා වෙන් සිටින බවද රණතුංග මහතා වැඩි දුරටත් පෙන්වා දෙයි.

RSL

Related Posts