ආරෝග්‍ය ශාලා කිහිපයක ගෙවීම් අංශයක් ක්‍රියාත්මක කරනවා

Spread the love

තෝරාගත් ආරෝග්‍ය ශාලා කිහිපයක 25% ක 30% ක් අතර ප්‍රමාණයක ගෙවීම් අංශයක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.

පෞද්ගලික අංශයේදී විශාල වියදමක් දැරීමට සිදුවන බවත් ඊට වඩා කාර්යක්ෂම සේවයක් ලබාදීමට මේ මගින් හැකියාව ලැබෙනු ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

ඒ අනුව එම සේවාව අවශ්‍ය කරන පිරිස් සඳහා පෞද්ගලික රෝහල්වල අයකරන මුදලට වඩා අඩු මුදලක් යටතේ ප්‍රතිකාර ලබා ගැනීමේ හැකියාව පවතින බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

Related Posts