ආබාධිත පුද්ගලයින්ට ඡන්දය දාන්න නොමිලේ ප්‍රවාහන පහසුකම්: මැ. මහ ලේකම් කාර්යාලය

Spread the love
ආබාධිත පුද්ගලයින්හට ඡන්ද මධ්‍යස්ථාන වෙත යාම සඳහා හෙට දිනයට පෙර ප්‍රවාහන පහසුකම් ඉල්ලූම් කරන ලෙස  මැතිවරණ මහ ලේකම් කාර්යාලය පවසයි.
ආබාධිත පුද්ගලයින්ට  නොමිලේ ප්‍රවාහන පහසුකම් සැලසීම සඳහා මැතිවරණ මහ ලේකම් කාර්යාලය කටයුතු යොදා ඇති අතර ඒ සඳහා ඉල්ලුම් කළ යුතු වෙයි.
මේ අතර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව ලබන 07 වනදා සිට විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කරන  බව ලංකා ගමනා ගමන මණ්ඩලයේ ධාවන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි පී.එච්.ආර්.ටී චන්ද්‍රසිරි මහතා සඳහන් කළේය.

RSL

Related Posts