අයිරීන් කුණාටුවෙන් ඇමරිකාවට දැඩි හානි, 18 ක් මරුට; ශ්‍රී ලාංකිකයින්ට මෙතෙක් අනතුරක් නැහැ

Spread the love

ඇමරිකාවේ නැඟෙනහිර වෙරළබඩ පෙදෙස් හරහා හමා යන අයිරින් සුළි කුණාටුව නිසා එම ප්‍රදේශවල විදුලිය බිඳවැටී ඇති අතර, මේ වන විට 18 දෙනෙකු මරණයට පත්වී ඇති බවත් වාර්තාවේ. එසේම එම පෙදෙස්වලට සිදුවිය හැකි හානිය ඩොලර් බිලියන 10ක් පමණ විය හැකි බවටද වාර්තා වේ.

නිව් යෝර්ක්, නිව් ජර්සි, වර්ජනියා, උතුරු කැරොලිනා, මේරිලන්ඩ්, ඩෙලවර් යන පෙදෙස්වලට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ. ඊයේ පෙරවරු 2.00ට පමණ ඇමරිකාවේ ඇතුළු වූ සුළි කුණාටුව ලබන බදාදා දක්වා ඇමරිකා එක්සත් ජනපදය හරහා හමා යන බව කාලගුණ විද්‍යාඥයන් පෙන්වා දේ.

එම පෙදෙසේවල සිටින ශ්‍රී ලාංකිකයන්ට සිය තොරතුරු දැන්වීම සඳහාත් ශ්‍රී ලංකාවේ සිටින ඔවුන්ගේ ඥාතීන්ට ඇමරිකාවේ වෙසෙන තම ඥාති හිතෛෂීන් පිළිබඳ ව තොරතුරු දැනගැනීම සඳහාත් එක්සත් ජනපද ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පැය විසිහතර පුරා ක්‍රියාත්මක වන තොරතුරු සේවාවක් හඳුන්වා දී තිබේ.

ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය මහතාගේ උපදෙස් මත තානාපති කාර්යාල නිලධාරීන් නොකඩවා මේ සඳහා සහය වන බව ද තානාපති කාර්යාලය නිවේදනය කරයි. අයිරීන් කුණාටුව නිසා අපහසුතාවයට පත්වන ඇමරිකාවේ වෙසෙන ශ‍්‍රී ලාංකිකයන් සහ ඔවුන් ගැන උනන්දුව දක්වන ලංකාවේ නෑදෑයන් වෙනුවෙන් තොරතුරු දැනගැනීමට ඇමරිකාවේ ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලය ක්ෂනික අමැතුම් දුරකථන අංක පෙළක් විවෘත කර ඇත.

එම දුරකථන අංක මෙසේය:
——————————
වීමසීම් :
සුසන්ත –                  001 202 352 0355
වසන්තා පෙරේරා – 001 202 340 0032
බි‍්‍රගේඩියර් වීරමන් – 001 202 390 3034

RSL

Related Posts