අයවැය යෝජනා ක්‍රියාවට නැංවීමට කමිටුවක් පත්කෙරේ

Spread the love

මේ වසරේ අතුරු අයවැය යෝජනාවට අදාළ රජයේ විවිධ ව්‍යාපෘති සහ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට හෝ ඒ සඳහා පහසුකම් සැලසීමට ස්ථාපිත කරන ලද ව්‍යාපෘති කාර්යාල සහ ව්‍යාපෘති කළමනාකරණ ඒකක සමාලෝචනය සඳහා කමිටුවක් පත්කර තිබෙනවා.

ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් අතුරු අයවැය යෝජනා ක්‍රියාවට නැංවීමේ කඩිනම් පියවරක් ලෙස එම කමිටුව පත්කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

කේ.ටී. කමල් පද්මසිරිගේ සභාපතීත්වයෙන් යුත් එම කමිටුවේ සෙසු සාමාජිකයින් ලෙස එන්.කේ.ජි.කේ. නෙම්මවත්ත, ආර්.එච්. රුවිනිස් යන පිරිස පත්කර ඇති බවයි එහි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Related Posts