අපි ශ්‍රිලනිපය සමග එකතු වුණේ ජනාධිපතිවරණයට විතරයි – ඇමති ප්‍රසන්න රණතුංග

Spread the love

සමහරු කියනවා ඔය සන්ධානයේ සභාපති මෛත්‍රී කියලා. මම නම් ඔය සන්ධානයට ගෑවෙන්නෙවත් නෑ. මතක තියා ගන්න මේ මැතිවරණයට අපි ඉල්ලන්නේ සන්ධානයකින් නෙමෙයි.  පොහොට්ටුවෙන්. ඒකේ නායකයා මහින්ද, සභාපති ජී.එල්.පීරිස් ඇමතිතුමා. ඔය උකුස්සන්ගේ සන්ධානය අපිට අදාළ නෑ. අපි ඕවාට එදා එකග වුණෙත් නෑ. අද එකගත් නෑ. හෙට එකග වෙන්නෙත් නෑ.

ශ්‍රිලනිපය සමග සන්ධාන ගත වුයේ ජනාධිපතිවරණයට පමණක් බවත් එය මහ මැතිවරණයට වලංගු නැති බවත් කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

ඔහු පෙන්වා දෙනනේ මෙවර මහ මැතිවරණයට තමන් ඇතුළු පිරිස ඉදිරපත් ව ඇත්තේ සන්ධානයකින් නොවන බවයි.  තමන් ඇතුළු පිරිස ඉදිරිපත් ව ඇත්තේ පොහොට්ටුව ලකුණින් බවත් ඒ නිසා සන්ධාන පිළිබද තමන්ට වගකීමක් නොමැති බවත් ඔහු පෙන්වා දෙයි.

බෙලිඅත්ත ප්‍රදේශයේ පහුගිය දා (03) පැවති රැස්වීමක දී ඇමතිවරයා මේ බව සදහන් කළේය.

මෙහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙසේ ද කීවේය.

“ අද පොළොන්නරුවේ පෝස්ටර් ගහලා තියෙනවා ඊලඟ අගමැති පොළොන්නරුවෙන් කියලා. ගොනා හැරෙන්නේ පොල් පැළේට කියලා අපිට හොදට තේරේනවා. මෛත්‍රී මේ එන්න හදන්නේ මොකාට ද කියලා අපිට හොදට තේරෙනවා. ඒකයි අපි කියන්නේ මෛත්‍රීට ගෑවුන එකෙකුටවත් ඡන්දය දෙන්න එපා කියලා. මේ රටේ ඊළඟ අගමැති වෙන කවුරුත් නෙමෙයි. මහින්ද මහත්තයා තමයි මේ රටේ ඊළග අගමැති. ඒක වෙනස් කරන්න කාටවත් බෑ. ඔය සජිතුත් හීන දකින්නේ රටේ අගමැති වෙන්න. ඒවා නිකං හීන විතරයි. සජිත්ලාගේ බොරු වලට මේ රටේ ජනතාව රැවටෙන්නේ නෑ.

මම හැමදාම හැමතැනම කියන දේ තමයි මෛත්‍රීට ගෑවුණු එකෙකුටවත් ඡන්දය දෙන්න එපා කියන එක. මෛත්‍රී හිටපු ජනාධිපතිවරයා විශ්වාස කරන්න පුළුවන් කෙනෙක් නෙමෙයි. මහින්ද මහත්තයත් එක්ක එදා රෑට කාලා කරඬුව ඔළුවේ තියාගෙන ගිහින් මහින්ද මහත්තයාගේ පිටට පිහියෙන් ඇන්න කෙනෙක් තමයි මෛත්‍රී. එහෙම මිනිහෙක් ව විශ්වාස කරන්නේ කොහොම ද? 2015 මහින්දට අගමැති වෙන්න තිබුණු අවස්ථාව නැති කළේ මෛත්‍රී.

දැන් සමහරු කියනවා අපි මේ මහ මැතිවරණයට තරග කරන්නේ සන්ධානයකින් කියලා. අපි සන්ධානය ගැහුවේ ජනාධිපතිවරණයට විතරයි. මහ මැතිවරණයට ඔය සන්ධාන අදාළ නෑ. එදා ජනාධිපතිවරණයට ගහපු සන්ධාන මහ මැතිවරනයට වලංගු නෑ. ජනාධිපතිවරණයට අපි සන්ධාන ගැහුවේ 51% ගන්න. එයාලා කපටි වෙනකොට අපිත් ටිකක් කපටි විදිහට වැඩ කළා. මම මෙච්චර කෑ ගහන මිනිහා අඩියක් පස්සට අරන් ඒකට එකඟ වුණේ 51% ගන්න ඕන නිසා. සන්ධානය ගැහුවේ ජනාධිපතිවරණයට ඉස්සෙල්ලා. දැන් ඒක ඉවරයි. මේ මැතිවරණයේ අපි ඉල්ලන්නේ සන්ධානයකින් නෙමෙයි. ඒ නිසා සන්ධානයේ කොන්දේසි උල්ලංඝණය කරනවා යැයි කාටවත් මට චෝදනා කරන්න බෑ.

සමහරු කියනවා ඔය සන්ධානයේ සභාපති මෛත්‍රී කියලා. මම නම් ඔය සන්ධානයට ගෑවෙන්නෙවත් නෑ. මතක තියා ගන්න මේ මැතිවරණයට අපි ඉල්ලන්නේ සන්ධානයකින් නෙමෙයි.  පොහොට්ටුවෙන්. ඒකේ නායකයා මහින්ද, සභාපති ජී.එල්.පීරිස් ඇමතිතුමා. ඔය උකුස්සන්ගේ සන්ධානය අපිට අදාළ නෑ. අපි ඕවාට එදා එකග වුණෙත් නෑ. අද එකගත් නෑ. හෙට එකග වෙන්නෙත් නෑ.

අපි මේ මැතිවරණයේ මන්ත්‍රීධූර 150 ක් ගන්නයි මේ උත්සාහ කරන්නේ. අපි මන්ත්‍රීධූර 150 ක් ගන්නකොට මහින්ද මහත්තයාව දාලා යන්නේ නැති පිරිසක් පාර්ලිමේන්තුවට ගන්න ඕනේ. දැන් පොහොට්ටුව ලකුණින් මෛත්‍රීගේ පිරිසක් තරග වදිනවා. අනුරාධපුරයෙන් 03, පොළොන්නරුවෙන් 03, කුරුණෑගලින් 02, ගම්පහින් 01, හම්බන්තොටිනුත් 01. ඒවගේ රට පුරාම ඉන්නවා.

ඒ අයගෙන් 10ක්වත් පාර්ලිමේන්තුවට ඇවිත් අපිට කොන්දේසි දැම්මොත්, ගෝඨාභය මහත්තයාගේ කුකලෙන් ඇද්දොත් අපි මොකද කරන්නේ? ඒකයි මම කියන්නේ මෛත්‍රීට ගෑවුණු කිසිවෙක්වත් පාර්ලිමේන්තුවට යවන්න එපා කියලා. පක්ෂයකින් ඉල්ලනවා නම් මේ අය අඩුම තරමේ පක්ෂයේ නායකයාගේ පිංතූරේවත් ගහගෙන යන්න එපැයැ. මේ කවුරුත් මෛත්‍රී ගේ පිංතූරේ ගහගෙන යන්නේ නෑ. එහෙම කළොත් බඩු බනිස් කියලා එයාලා දන්නවා. මම අභියෝග කරනවා පුළුවන් නම් මෛත්‍රීෙග් ෆොටෝ ගහගෙන ගිහින් දිනලා පෙන්වන්න.

අගමැති මහින්ද රාජපක්ෂ, ඇමති චමල් රාජපක්ෂ, මහචාර්ය ජී.එල්. පීරිස්, හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් යන මහත්වරු ද කථා කළහ.

RSL

Related Posts