අපනයන ආදායම ඉහළට

Spread the love

පසුගිය වසර හා සංසන්දනය කිරීමේදී මේ වසරේ ජනවාරි සිට ජූලි මාසය දක්වා කාලය තුළ අපනයන ආදායම 12.9% කින් වර්ධනය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

එහි අගය අමෙරිකානු ඩොලර් මිලියන 7,678ක් බවයි ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරන්නේ. පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ අදාළ කාලසීමාවේ ආනයන වියදම පහළගොස් ඇති අතර එහි අගය අමෙරිකානු ඩොලර් මිලියන 11,315 ක් බවයි සඳහන් වන්නේ.

එය පසුගිය වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව සියයට 3.5ක පහළ යැමක් බව මහ බැංකුව සඳහන් කරන්නේ.

Related Posts