අධ්‍යාපන චක්‍රලේඛ දෙමළ මාධ්‍යයෙනුත් එයි

Spread the love

ඉදිරියේදී අධ්‍යාපන අමාත්‍යංශය මඟින් නිකුත් කරනු ලබන චක්‍රලේඛ දෙමළ මාධ්‍යයෙන් ද නිකුත් කිරීමට කටයුතු කරන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.

ඊයේ අධ්‍යාපන අමාත්‍යංශයේදී අමාත්‍යංශ ලේකම් සහ නිලධාරීන් සමඟ පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මෙම උපදෙස් ලබාදී ඇති බව සඳහන්ය.

මේ වන විට අධ්‍යාපන අමාත්‍යංශය මඟින් නිකුත් කරනු ලබන චක්‍රලේඛ සිංහල භාෂාවෙන් පමණක් නිකුත් කිරීමේදී මතුව ඇති ගැටළු සැලකිල්ලට ගනිමින් අධ්‍යාපන අමාත්‍යවරයා මෙම උපදෙස් ලබාදී තිබේ.

විශේෂයෙන් උතුරු, නැගෙනහිර සහ වතුකරයේ දෙමළ මාධ්‍යයේ පාසල් සඳහා මෙම චක්‍රලේඛ සිංහල භාෂාවෙන් නිකුත් කිරීම හේතුවෙන් ගැටළු මතුව ඇති බවට අධ්‍යාපන අමාත්‍යවරයා වෙත පාසල් බලධාරීන් කරුණු ඉදිරිපත් කර ඇති බව සඳහන්ය.

RSL

Related Posts