ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ ඉරාන ජනාධිපති ඉබ්‍රාහිම් රයිසි සිකුරාදා උස්බෙකිස්තානයේ සමර්කන්ඩ් හි පැවති ෂැංහයි සහයෝගිතා සංවිධානය සමුළුවට සහභාගී වීය. එම සමුළුවට සමගාමීව දෙරටේ නායකයන් අතර පැවැති හමුවකදී බලශක්ති, වෙළඳාම සහ සම්බන්ධතා මෙන්ම ඇෆ්ගනිස්ථානය ඇතුළු පුළුල් පරාසයක කරුණු සාකච්ඡා කළහ.

2021 දී ඉරානයේ ජනාධිපති ධූරයට පත් ඉබ්‍රාහිම් රයිසි හා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී අතර පැවති පළමු හමුව ද මෙය විය.

දෙරටේ නායකයන් අතර පැවැති හමුව ඉතා මිත්‍රශීලී හා සුහද හමුවක් විය. මෙම හමුව පිළිබඳ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පැවසුවේ ඉන්දියා-ඉරාන මිත්‍රත්වය සහ බලශක්ති, වාණිජ්‍යය සහ සම්බන්ධතාව වැනි ක්ෂේත්‍රවල සබඳතා ඉහළ නැංවීමේ නව ක්‍රමෝපායන් පිළිබඳ සාකච්ඡා කළ බවයි.

ඉන්දීය-ඉරාන ද්විපාර්ශ්වික සබඳතා ඓතිහාසික සහ ශිෂ්ඨාචාර සබඳතාවලින් සලකුණු වන බවත්, ශක්තිමත් අන්තර් පුද්ගල සම්බන්ධතා ඇති බවත් අගමැති මෝදි අවධාරණය කළේය.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය මෙම හමුව පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් පැවසූයේ ද්විපාර්ශ්වික සබඳතාවයට අදාළ වැදගත් කරුණු සහ එම සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ අවශ්‍යතාවය දෙරටේ නායකයන් අවධාරණය කළ බවයි

දෙරටේ නායකයින් ෂාහිඩ් බෙහෙෂ්ටි පර්යන්තය, ද්විපාර්ශ්වික සහයෝගීතාවයේ වැදගත්කම,කලාපීය සම්බන්ධතා, චබහාර් වරාය සංවර්ධනය කිරීමේ ප්‍රගතිය සමාලෝචනය කළ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසීය

ඇෆ්ගනිස්ථානය ඇතුළු ජාත්‍යන්තර සහ කලාපීය වර්ධනයන් පිළිබඳව ද නායකයින් දෙදෙනා සාකච්ඡා කළ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේය

ඒකාබද්ධ විස්තීරණ ක්‍රියාකාරී සැලැස්ම සාකච්ඡාවල තත්ත්වය පිළිබඳව ද ජනාධිපති රයිසි විසින් අගමැති මෝදි වෙත දැනුම් දෙන ලදී.

ඇෆ්ගනිස්ථානයේ ජනතාවට මානුෂීය ආධාර සැපයීමේ ඉන්දියාවේ ප්‍රමුඛතා සහ සාමකාමී, ස්ථාවර සහ සුරක්ෂිත ඇෆ්ගනිස්ථානයකට සහය දැක්වීම සඳහා නියෝජිතයන්ගෙන් සමන්විත දේශපාලන ව්‍යාපාරයක අවශ්‍යතාවය අගමැති මෝදි නැවත අවධාරණය කළේය.

ඉන්දීය අගමැති මෝදි විසින් ඉරාන ජනාධිපති රයිසිට ඉන්දියාවට පැමිණෙන ලෙස ආරාධනාවක් කළ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස්