වත්මන් බිම්ස්ටෙක් සභාපති ශ්‍රී ලංකාව විසින් සත්කාරකත්වය දරනු ලබන බිම්ස්ටෙක් සමුළු රැස්වීම මාර්ගගත අතථ්‍ය ආකාරයෙන් පැවැත්වෙන බව වාර්තා වේ.

බිම්ස්ටෙක් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ (SOM) රැස්වීම් 2022 මාර්තු 28 වන දින සිදුවනු ඇති අතර ඉන් අනතුරුව 2022 මාර්තු 29 වන දින බිම්ස්ටෙක් විදේශ අමාත්‍යවරුන්ගේ (BMM) රැස්වීම් පැවැත්වෙන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

කොවිඩ් වසංගතය ආශ්‍රිත අභියෝග සහ සියලුම බිම්ස්ටෙක් සාමාජිකයින් මුහුණ දෙන ජාත්‍යන්තර පද්ධතිය තුළ ඇති අවිනිශ්චිතතාවයන්, බිම්ස්ටෙක් තාක්ෂණික සහ ආර්ථික සහයෝගීතාව ඊළඟ මට්ටමට ගෙන යාමේ ඉලක්කයට වැඩි අවශ්‍යතාවයක් ලබා දෙයි.

සමුලුවේ නායකයින් විසින් සාකච්ඡා කරනු ලබන ප්‍රධාන විෂය මෙය වනු ඇතැයි අපේක්ෂා කරන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

කණ්ඩායමේ මූලික ආයතනික ව්‍යුහයන් සහ යාන්ත්‍රණයන් ස්ථාපිත කිරීම පිළිබඳව ද නායකයින් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් පැවසීය.

ඉන්දියා නිවුස් නෙට්වර්ක්