පාස්කු ප්‍රහාරය හරහා නිකුත් වුණු මරණයේ සංඥාව තවදුරටත්..

Spread the love

– ‘එක ජීවිතයක් නැසීම මුළු මානව සංහතියම නැසීම හා සමානය’කුරාණය 5: 32’ –

කුරාණයේ ඉහත උපුටනය මේ දින වල නිතර ඇසෙන්නකි. අද එය ගෙන හැර දක්වන්නේ සංහිදියාවට කැපවූවන් පමනක් නොවේ. කූට දේශපාලකයන් , අන්තවාදීන් , එදා වෙල සහජීවන කරුවන් මෙකී වාක්‍යය නිතර මතුරන්නේය. එය විටෙක සංහිදියා කාරකයකි තවත් විටෙක අන්තවාදය තනූක කරන භෂ්මයකි තවත් විටෙක මරාගෙන මැරෙන අවියකි. සිදුවීම් කාලයේ වැලිතලාවෙන් සැගව ගියද ශීෂ්ඨාචාරයේ විකාෂණය වෙත මෙකී පාඨ කල බලපෑම විසල්ය. ශාන්තූවරයන් රජවරුන් මෙන්ම ත්‍රස්තවාදීන් ශිෂ්ඨාචාර උඩු යටිකුරු කිරිමට ඒවා භාවිත කළෝය. කරුණු එසේ හෙයින් මේවායේ අර්ථය නිවරදිව වටහා ගත යුතුය .තවද හෙට දවසේ දුවා දරුවන්ගේ මුවේ සිනහව හෝ කදුල මුස්ලිම් අන්තවාදය විසින් තීන්දු කිරීමට ඇති ඉඩ බොහෝය

හැම මනුස්ස ජීවිතයක්ම සමානද ?

ආගමික භේදයකින් තොරව ලොව ඕනෑම ශිෂ්ට සම්පන්න පුද්ගලයෙක් මීට ලබා දෙන උත්තරය වනුයේ “ඔව්” යන්නයි. ඉස්ලාම් ජනයා අතර මධ්‍යස්ථ මත දරන අයද මෙයට එකඟ වනු ඇත. නමුත් ඉස්ලාමිය අන්තවාදීන්ගේ අර්ථකතනයට අනුව මෙය එසේ නොවේ. ඔවුන්ගේ නියමයට අනුව හැම මනුස්යෙක්ම සමානය නමුත් කොන්දේසි සහිතයි . ඉස්ලාම් දහම අනුව මිනිස් ජීවිත ප්‍රධාන පන්ති තුනකට බෙදේ.

පළමු පංතිය – ඇදහිලිකරුවන් (Believers) හෙවත් මුස්ලිම්වරු

අරාබි බසින් අල්ලාහ් යන නාමයෙන් හඳුන්වන විශ්වය මැවූ සර්ව බලධාරී දෙවියන් සහ ඔහු විසින් එවූ අන්තිම වක්තෘවරයා (Last Prophet) වන මුහම්මද් නම් වූ නබි වරයා පිළි ගෙන ඉස්ලාම් ආගම අදහන්නන් හෙවත් මුස්ලිම් වරු මේ පංතියට ඇතුලත් වෙයි. සියලුම මුස්ලිම් වරුන්ට සහෝදරත්වයෙන් සැළකීම අන්තවාදී හෝ මධ්‍යස්ථ මතධාරී භේදයක් නැතුව සැම මුස්ලිම් වරයකුම පිළිපදින රීතීයකි. තවත් මුස්ලිම් වරයකුගේ ජීවිතය නැසීම ඉතාමත් බරපතල පාපයක් ලෙස ඕනෑම මුස්ලිම් වරයෙක් සලකයි.

දෙවන පංතිය – “පොතේ ආගම්” (People of the Book) හෙවත් ක්‍රිස්තියානි යුදෙව් ආදී අනෙක් ආබ්‍රහමික ආගම් (Abrahamic Religions).

ඉස්ලාම්, ක්‍රිස්තියානි සහ යුදෙව් ආගම් එකම දෙවි කෙනෙකු අදහන ආගම්ය. මෙකී සත්‍ය බෞද්ධයන් තියා ඇතැම් ලාංකික ක්‍රිස්තු බැතිමතුන් පවා නොදන්නා කරුණකි .මොවුන් කවුරුත් පොදුවේ (God of Abraham) පිලිගනියි . අරාබි බසින්අල්ලාහ් (Allah) ලෙසද යුදෙව් බසින් යෙහෝවා (Yehowa) ලෙස හඳුන්වන්නේ එකම දෙවි කෙනෙකි. පසුකාලීනව ආගම් තුනකට බෙදී ආගමික කෘති තුනක් අනුගමනය කරන්නට වූයේ එකම පිරිසකි. මුල්ම ආගම වූ යුදෙව් දහමේ භක්තිකයන් ටෝරාහ් (Torah) ද, දෙවන ආගම වන ක්‍රිස්තුදහමේ භක්තිකයන් බයිබලය (Bible) ද, තෙවන ආගම වන ඉස්ලාම් දහමේ භක්තිකයන් කුරාණය (Qu’ran) ද අනුගමනය කරයි.

අවසාන වක්තෘ මුහම්මද් නබිතුමා පිළිනොගත්තා වුවද , කුරාණය කුරාණය පිළි නොගත්තා වුවද එකම දෙවියන්ට යදින නිසා දෙවන පංතියේ ඔවුන් හට ඉස්ලාම් දහමේ යම් ගරුත්වයක් හිමිය. ISIS කවරෙකුගේ නිර්මානයක් වුවද කවර ස්වරූපයෙන් ක්‍රියාත්මක වුවද ඔවුන් ඝාතන යන්ත්‍ර පමනි.ගනන් ඉලක්කම් සමග බොරු කල නොහැක . ISIS ඝාතන විශ්ලේෂණය කල විට පැහැදිලි වන්නේ ඔවුන්ගේ ප්‍රමුඛ ඉලක්කය ක්‍රිස්තියානින් නොවන බවය . මැදපෙරදිග වෙසෙන පිළිම වන්දනා කරන යසීදි (Yazeedi) සහ සොරෝස්ට්‍රියන් වරු (Zoroastrian) ISIS විසින් ඝාතනය කලේ ලක්ෂ ගනනිනි. (මොවුන් ඉරාකයේ සහ සීරියාවේ ජීවත් වන සුලුතර ආගමික කොටසකි ) .ආගම ව්‍යාප්ත කිරීමේදීද ප්‍රමුඛතාව ක්‍රියාත්මක වන්නේ ඒ අයුරිනි . ලොව විශාලතම ඉස්ලාම් රාජ්‍ය වූ ඉන්දුනීසියාව කියා පාන්නේ එම සත්‍යයි

තුන්වන පංතිය – බහු දේවවාදී (Polytheists) සහ පිළිම වන්දනා කරනා කරන අය (Idolators)

ඉස්ලාම් දහම බහු දේව ඇදහිල්ල සහ පිළිම වන්දනාව ආනන්තරීය පාප කර්මයක් සහ සර්ව බලධාරී දෙවියන්ට කරන නින්දාවක් ලෙස සළකයි. මේ නිසා ඉස්ලාමීය අන්තවාදීන්ට අනුව බෞද්ධ, හින්දු, ජෛන, සීඛ්, යසීදී , සොරෝස්ට්‍රියන්, පේගන් ඇතුළු මෙකි නොකී සියළුම පිළිම සහ බහු දෙවියන් වන්දනා මාන කරන ආගම් ඔවුන්ගේ දෙවියන්ට එරෙහි යක්ෂ බවේගයන්ය. (Satanic Religions). අපගේ ජීවිත විනාශ කිරීමෙන් පවක් වන බව ඔවුන් පිළි නොගන්නා අතර එය ස්වර්ගයට දොර විවර කරනා මහා “ධර්ම සංග්‍රාමයක්” (Jihad) ලෙස ඔවුන් විශ්වාස කරයි. (මෙය අන්තවාදීන්ගේ පිළිගැනීම මිස සාමාන්‍ය මුස්ලිම් ජනතාවගේ පිළිගැනීම නොවන බව මතක් කරන්නෙමු.)

ඇයි ශ්‍රී ලංකාවේදී ක්‍රිස්තියානින්ට මුළින්ම පහර දුන්නේ?

”ක්‍රයිස් චර්ච්” ඝාතනය නිසා සහ්රාන් ලංකාවේ පල්ලි වලට පහර දුන්න යයි කියන කථාව අසත්‍යකි . එසේම සහරාන් ලංකාවේ පල්ලි වලට පහර දුන්නා කියන කථාව අර්ධ සත්‍යකි. මක්නිසාදයත් සහරාන්ලා මිය ගිය පසු ඔවුන්ගේ බිරින්දෑවරු පහර දීමට සිටියේ ලංකාවේ ප්‍රධාන පෙලේ පන්සල් වලටය. ක්‍රයිස් ච්ර්ච් ප්‍රහාරය ලොව රහස් සංවිධානයක් විසින් එල්ල කළ ප්‍රහාරයක්ය යන්න විදෙස් ඔත්තු සේවාවන්ගේ මතය වෙයි.

අප කළාපයේ සංස්කෘතික බලපෑම නිසා දකුණු ආසියාවේ ක්‍රිස්තු භක්තිකයන් යම් දුරකට පිළිම වන්දනාව සිදු කරයි. එය කුරානය පමණක් නොව බයිබලයද ප්‍රතික්ෂේප කළ චාරිත්‍රයකි. බටහිර ක්‍රිස්තියානි පල්ලි තුල ප්‍රතිමා කළාකෘති ලෙස ප්‍රදර්ශණය කරනවා මිස වන්දනාවට භාවිතා නොකරයි. මෙම දකුණු ආසියානු ක්‍රිස්තු භක්තිකයන්ගේ ප්‍රතිමා වන්දනාව ඉස්ලාමීය අන්තවාදීන් පිළිකුල් කරන අතර ඒ නිසා අපගේ ක්‍රිස්තු භක්තිකයන් නියම ක්‍රිස්තියානින් ලෙස ඔවුන් පිළි නොගනී. මේ නිසා අප බෞද්ධයන් සහ හින්දූන් මෙන්ම ක්‍රිස්තු භක්තිකයන්ද ඉස්ලාමීය අන්තවාදීන්ට අනුව ජීවිත වටිනාකමක් නැති තුන් වන පන්තියේ මානව වර්ගයකි. එහෙයින් සහ්රාන් පොතේ හැටියට තුන් වන පන්තියේ ඛාන්ඩය ඉලක්ක කොට ලංකාවෙන් ප්‍රහාරය ආරම්භ කල බව සිහි තබා ගැනීම නුවනට හුරුය

අප දැනටම ප්‍රමාදය

අප සිටින්නේ ඉස්ලාමිය අන්තවාදීන් හට අප්‍රියතම ලැයිස්තුවේය. අපට එරෙහි සටන ඔවුන් දියත් කොට අවසන්ය.තව දුරටත් කාලය නාස්ති නොකොට කෙටි කාළීන හා දිගු කාළීන පිළියම් යෙදීම බලධාරීන්ගේ වගකීමයි.

-ශාමිකා මුදලිගේ – හිටපු තානාපති සේවා නිලධාරිනී-
-lankanewsapp.com-

RSL

Related Posts