පෝට් සිටි පනතට අදාල ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව; පුරවැසියන්ගේ ජයග්‍රහණයක්!

Spread the love

සංශෝදන සහිතව කඩිමුඩියේ ගෙන එන කෙටුම්පත අංගවිකල පනතක් විය හැකි වන නිසා රටේ නීතියේ රාමුවට යටත්ව අලුත් කෙටුම්පතක් ගෙන ඒම කාලෝචිතවනු ඇත! (යහපාලන ආන්ඩුවේ කෙටුම්පත හෝ මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ඉදිරිපත්කල කෙටුම්පත පදනම් කරගත හැක/දෙකම බොහෝ දුරට සමානය)

මෙම පනතේ අනෙකුත් විධි විධාන සාකච්ඡා කිරීමට පාර්ලිමේන්තු දෙවන වර කියවීමට වඩා පාර්ලිමේන්තු කාරක සභාවකදී සාකච්ඡා කොට නව කෙටුම් පතක් ගෙන ඒම උචිත වන්නේය!

ශ්‍රේෂ්ඨාධිකරන තීන්දුවේ හරය;

ආන්ඩුව මගින් ඉදිරිපත් කරනු ලැබු පෝර්ට් සිටි පනත තුල 1) ආන්ඩුක්‍රම ව්‍යවස්තාවට පටහැනි ප්‍රතිපාදන 2) රටේ පවතින නීතිය සමග ගැටෙන ප්‍රතිපාදන ඇතුලත්ව තිබෙන බව ඒ පිලිබඳව උනන්දුවක් දැක්වුවන් ගේ මතය වින.

මේවන විට නිකුත්ව ඇති ශ්‍රේෂ්ඨාධිකරන තීන්දුව මගින් එකී අංශ දෙක පිලිබඳව අවධානය යොමුවී ඇති අතර ව්‍යවස්තාවට අනනකුල ප්‍රතිපාදන අරබයා සංශෝදන ගෙන එන ලෙසටත් එසේ නොමැති නම් තුනෙන් දෙකේ අනුමුතියයට යටත්විය යුතු වගන්ති හා ජනමතවිචාරනයකට යොමුවිය යුතු වගන්ති නම් කොට තිබේ.

මීට අමතරව පනතේ ප්‍රතිපාදනන සංශෝදනය විය යුතු ස්ථානයන්ද නීති පතිවරයා විසින් එකඟවු හා මැදිහත්කාර පෙත්සම් කරුවන් ආන්ඩුව වෙනුවෙන් ඉදිරිපත් කල සංශෝදන සලකා බලමින් පෙන්වා දී ඇත. මෙම තීන්දුවේ පවතින විශේෂත්වය වන්නේ එලෙසට සංශෝදන ඉදිරිපත් කොට තිබියදී පවා එම සංශෝදනයන් ගෙන් එපිටට ගිය අනනුකුලභාවයන් ශ්‍රේෂ්ඨාධිකරනය විසින් පෙන්වා දීමයි. ශ්‍රේෂ්ඨාධිකරනයේ තීන්දුව මගින් වර්ග 7 ක් යටතේ පෝර්ට් සිටි පනතේ ප්‍රතිපාදනයන් හි පවතින අනනකුලභාවයන් පෙන්වා දී තිබේ.

  1. එනම් නීතිය පසඳලීම සහ ක්‍රියාත්මක කිරීම ද නීතියේ රැකවරනය ද සර්ව සාධාරනවිය යුතුය යන ආ.ක්‍ර.ව්‍ය. 12(1) වගන්තියට පටහැනි ප්‍රතිපාදන තුනෙන් දෙකක විශේෂ චන්ද බලයෙන් සම්මත කිරීමට නියම කිරීම (කොටස් දෙකකින් යුක්තව හඳුන්වා දී ඇත)
  2. සැම පුද්ගලයකුටම භාෂනයේ, රැස්වීමේ , සමාගමයේ , රැකියාවේ සහ යාමේ හා ඊමේ අයිතිය පිලිගන්නා 14 වන වගන්තියේ එකලාව හෝ අන්අය සමග නීත්‍යානුකූල රැකියාවක වෟත්තියක කර්මාන්තයක වෙලඳ ව්‍යාපාරයක හෝ ව්‍යවසායක නියුක්තවීමේ නිදහස සමග 12(1) වගන්තිය එක්ව උල්ළංගනයවන ප්‍රතිපාදනතුනෙන් දෙකක විශේෂ චන්ද බලයෙන් සම්මත කිරීමට නියම කිරීම
  3. ශ්‍රී ලංකාව තුල යාමේ ඊමේ නිදහසට හා අභිමත ස්තානයක වාසය කිරීමේ නිදහස උල්ළංගනයවන ප්‍රතිපාදනතුනෙන් දෙකක විශේෂ චන්ද බලයෙන් සම්මත කිරීමට නියම කිරීම,
  4. පාර්ලිමේන්තුව සතු ව්‍යවස්තාදායකයේ ස්වාධිපත්‍ය පිලිගන්නා 76 වන වගන්තිය හා ජනතාවගේ පරමාධිපත්‍ය පිලිගන්නා 3 වගන්තිය ද එම පරමාධිපත්‍ය ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිපාදන ඇතුලත් 4 වන වගන්තිය ද උල්ංඝනය වන ප්‍රතිපාදනතුනෙන් දෙකක විශේෂ චන්ද බලයෙන් සම්මත කිරීමට අමතරව ජනමත විචාරනයකින් සම්මත කල යුතු බව නියම කිරීම,
  5. රාජ්‍ය මුල්‍ය පිලිබඳ පාලනය පාර්ලිමේන්තුව සතු බව දැක්වෙන 148 වගන්තිය උල්ළංගනයවන ප්‍රතිපාදනතුනෙන් දෙකක විශේෂ චන්ද බලයෙන් සම්මත කිරීමට නියම කිරීම,
  6. රාජ්‍ය මුල්‍ය පිලිබඳ පාලනය පාර්ලිමේන්තුව සතු බව දැක්වෙන 148 වගන්තිය හා 3 හා 4 වගන්ති එක්ව උල්ළංගනයවන ප්‍රතිපාදනතුනෙන් දෙකක විශේෂ චන්ද බලයෙන් සම්මත කිරීමට අමතරව ජනමත විචාරනයකින් සම්මත කල යුතු බව නියම කිරීම.
    ඉහත කාන්ඩ යටතේ අනනුකුලභාවය ප්‍රකාෂ කොට ඇති කෙටුම්පතේ අන්තර්ගතවන වගන්ති :
  7. නීතිය පසඳලීම සහ ක්‍රියාත්මක කිරීම ද නීතියේ රැකවරනය ද සර්ව සාධාරනවිය යුතුය යන ආ.ක්‍ර.ව්‍ය. 12(1) වගන්තියට පටහැනි ප්‍රතිපාදන තුනෙන් දෙකක විශේෂ චන්ද බලයෙන් සම්මත කිරීමට නියම කිරීම, අනුව පහත සඳහන් ප්‍රතිපාදන සංශෝදනයට ලක්කිරීමට හෝ එසේ නොමැති නම් තුනෙන් දෙකක බලයෙන් සම්මත කල යුතු බවට නියම කොට තිබේ:

    -3(6) වගන්තියට අනුව කොමිශමට ඇති බලය- රාජ්‍ය නියාමන ආයතන හැකි ඉක්මනින් කොමිසමේ ඉල්ලීම් ඉටු කිරීම අනිවාර්ය කිරිම
    -3(4) වගන්තියට අනුව කොමිසමට තම පාලන බල ප්‍රදේශය තුල සංවර්ධන හා ප්‍රජා පාලන නීති හැදීමට වෙනස් කිරීමට ඇති හැකියාව
    -3(5) හා 3(7) වගන්තින්ට අනුව කොමිසම විසින් බලතල ක්‍රියාත්මක කිරීමේදී රාජ්‍ය නියාමන අධිකාරීන් සතු සමාන බලතල සීමා කරමින් එම ආයතන හුදු නීතිය ක්‍රියාත්මක කරන ආයතන බවට පත් කිරීම
    -5 වගන්තියේ දැක්වෙන කොමිසමේ අරමුනු 6(1) ( b) යටතේ රාජ්‍ය ආයතන වල නාමික අනුමැතියට යටත්ව අදාල බල ප්‍රදේෂය තුල පුර්න රෙගුලාසිමය පාලනය අධික්ෂන බලතල පවතින බව
    -30 (3) වගන්තියේ දැක්වෙන කොමිසමට බලපත්‍ර නිකුත් කිරීමේ දී එම වගන්තියේ දැක්වෙන පලමු හා දෙවන ව්‍යතිරේඛ මගින් එලෙසට බලපත්‍ර ලබා දීමට සමාන්තර රාජ්‍ය ආයතන නොතකා හරීමට හැකි බව
    -54(1) වගන්තියට අනුව කොමිසමට පවතින සහාධිපත්‍ය කලමනාකරන අධිකාරිය නොතකා කටයුතු කල හැකි බව
    -56(1) වගන්තියට security exchange commission එක නොතකා කටයුතු කල හැකි බව
    -71 වගන්තියට අනුව කොමිසමට ජනාධිපති හරහා රෙගුලාසි සැදීමේ බලය
    -74 වගන්තියට අනුව රාජ්‍ය නියාමන අධිකාරයන් පිලිබඳ අර්ථ නිරුපනය
  8. සැම පුද්ගලයකුටම භාෂනයේ, රැස්වීමේ , සමාගමයේ , රැකියාවේ සහ යාමේ හා ඊමේ අයිතිය පිලිගන්නා 14 වන වගන්තියේ එකලාව හෝ අන්අය සමග නීත්‍යානුකූල රැකියාවක වෟත්තියක කර්මාන්තයක වෙලඳ ව්‍යාපාරයක හෝ ව්‍යවසායක නියුක්තවීමේ නිදහස සමග 12(1) වගන්තිය එක්ව උල්ළංගනයවන ප්‍රතිපාදනතුනෙන් දෙකක විශේෂ චන්ද බලයෙන් සම්මත කිරීමට නියම කිරීම:
    -37 වගන්තියට අනුව කොමිසම් බලප්‍රදේශයෙන් පිටත ව්‍යාපාර ආරම්බකල හැකි බවට වු ප්‍රතිපාදනය
  9. ශ්‍රී ලංකාව තුල යාමේ ඊමේ නිදහසට හා අභිමත ස්තානයක වාසය කිරීමේ නිදහස උල්ළංගනයවන ප්‍රතිපාදනතුනෙන් දෙකක විශේෂ චන්ද බලයෙන් සම්මත කිරීමට නියම කිරීම:

    -30(1) වගන්තියෙන් ප්‍රතිපාදනය කොට ඇති single window නමැති ආයෝජන ප්‍රවර්ධන සංකල්පය
    -30(3) වගන්තිය යටතේ ඉහත single window නමැති සංකල්පය බලසතු කිරීමට රජයේ නියාමන ආයතන දුර්වල කරන එහි පලවන හා දෙවන ව්‍යතිරේඛය
    -40(2) වගන්තියට යටතේ පෝට් සිටි බලප්‍රදේශයට පැමිනෙන ශ්‍රී ලාංකිකයන් ගෙන් බදු අයකිරීමට ඇති බලය
    -71 (2)(l) වගන්තිය යටතේ පොට් සිටි බල ප්‍රදේශයට පැමින ශ්‍රී ලාංකික පුරවැසියන් ගෙන් බදු අයකර ගැනීමට රෙගුලාසි පැමිනවීමේ බලය
  10. පාර්ලිමේන්තුව සතු ව්‍යවස්තාදායකයේ ස්වාධිපත්‍ය පිලිගන්නා 76 වන වගන්තිය හා ජනතාවගේ පරමාධිපත්‍ය පිලිගන්නා 3 වගන්තිය ද එම පරමාධිපත්‍ය ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිපාදන ඇතුලත් 4 වන වගන්තිය උල්ංඝනය වන ප්‍රතිපාදනතුනෙන් දෙකක විශේෂ චන්ද බලයෙන් සම්මත කිරීමට අමතරව ජනමත විචාරනයකින් සම්මත කල යුතු බව නියම කිරීම:
    -53(2)(b) හා 53(3)(b) වගන්තිය යටතේ පනතේ II පරිශිෂ්ඨය යටතේ සඳහන් පනත් 7 යටතේ හා එම පනත් වල විධිවධාන නොතකා ආයෝජකයන්ට වරප්‍රසාද ලබා දීමේ බලය
  11. රාජ්‍ය මුල්‍ය පිලිබඳ පාලනය පාර්ලිමේන්තුව සතු බව දැක්වෙන 148 වගන්තිය උල්ළංගනයවන ප්‍රතිපාදනතුනෙන් දෙකක විශේෂ චන්ද බලයෙන් සම්මත කිරීමට නියම කිරීම:
    -60(c) වගන්ති මගින් ප්‍රතිපාදන සලසා ඇති අයුරින් estate manager ට බදු අයකර ගැනීමේ බලය
  • 60(f) වගන්තිය මගින් ප්‍රතිපාදන සලසා ඇති අයුරින් estate manager ගේ නියෝග උල්ලංඝනය කරන අයවලුන්ට වරදකාරිත්වයක් ආරෝපනය කිරීමේ බලය
  1. රාජ්‍ය මුල්‍ය පිලිබඳ පාලනය පාර්ලිමේන්තුව සතු බව දැක්වෙන 148 වගන්තිය හා 3 හා 4 වගන්ති එක්ව උල්ළංගනයවන ප්‍රතිපාදනතුනෙන් දෙකක විශේෂ චන්ද බලයෙන් සම්මත කිරීමට අමතරව ජනමත විචාරනයකින් සම්මත කල යුතු බව නියම කිරීම
    -3(4) හා 6(1) (u) වගන්ති යටතේ කොමිසමට සංවර්ධන නියාමන හා ප්‍රජා නියාමන රෙගුලාසි සැදීමේ බලය හා ක්‍රියාත්මක කිරීමේ බලය
    -68(1)(f) හා 68(3) (a) වගන්ති යටතේ කොමිසමේ නියෝග රෙගුලාසි කඩකරන අයකුට වරදකාරීත්වය ආරෝපනය කිරීමේ බලය
  2. රාජ්‍ය මුල්‍ය පිලිබඳ පාලනය පාර්ලිමේන්තුව සතු බව දැක්වෙන 148 වගන්තිය හා 3 හා 4 වගන්ති එක්ව උල්ළංගනයවන ප්‍රතිපාදනතුනෙන් දෙකක විශේෂ චන්ද බලයෙන් සම්මත කිරීමට අමතරව ජනමත විචාරනයකින් සම්මත කල යුතු බව නියම කිරීම:
    -52(3) වගන්තිය මුලෝපායිකව වැදගත් යයි හඳුනාගන්නා ව්‍යාපෟති සඳහා බදු සහන හා වරප්‍රසාද ලබාදීමේ බලය
  • 52(5) හා 71(2) (p) වගන්ති යටතේ එසේ හඳුනාගන්නා මුලෝපායිකව වැදගත් ව්‍යාපෟති සඳහා බදු සහන හා වරප්‍රසාද ලබා දීම සඳහා රෙගුලාසි සැදීමට කොමිසම සතු බලය
    මීට අමතරව ශ්‍රේෂ්ඨාධිකරනය කියා සිටින්නේ:
  1. පලමු පරිශිෂ්ඨයේ සඳහන් බිම් කොටස ශ්‍රී ලංකා භූමියට අයත් කොටසක් බවයි.(වෙනම භුමියක් මත වෙනම රාජ්‍යයක් බවට පත්වීමේ අවධානම සහිත වගන්ති ඉහතින් හඳුනාගෙන එම වගන්ති සම්මතකර ගන්නා ආකාරය නියම කොට ඇත)
  2. කොමිසම විසින් තමන්ම නීති නොසාදනා තාක් දුරට III පරිශිෂ්ඨය මගින් කොමිසම් බල ප්‍රදේශය තුල බලාත්මක නොවන බවට සඳහන් කොට ඇති පනත් 7 සඳහන් කිරීම ව්‍යවස්තාවට පටහැනි නොවන බවයි. ( එසේ කල හැකි බවට සඳහන් ප්‍රතිපාදන ව්‍යවස්තාවට අනනුකුල බව ප්‍රකාෂ කොට ඇත)
  3. නීති පති ගේ යෝජනා දෙවන වර කියවීමේ දී භාවිතා කල හැකි බව යි.
  4. පලාත් පාලන බලතල කොමිසමට ලබාගෙන නොමැති බවත් එමනිසා 13 සංශෝදනයට අනුව 154G(3) යටතේ පලාත් සභා විමසීමක් අවශ්‍ය නොවන බවය.

-නිතීඥ ශිරාල් ලක්තිලක-

RSL

Related Posts