ශ‍්‍රී ලංකාවෙන් දිනපතා අලුතින් පිළිකා රෝගීන් 64ක්

Spread the love

ශ‍්‍රී ලංකාවෙන් වසරකට පිළිකා රෝගීන් 23,530 දෙනෙකු පමණ වාර්තා වන බවත් දෛනිකව පිළිකා රෝගය හේතුවෙන් පුද්ගලයින් 38 දෙනකු මිය යන බවත් විශේෂඥ වෛද්‍ය සුරාජ් පෙරේරා මහතා පවසයි.

ඔහු පවසන්නේ ලංකාවේ දිනකට නව පිළිකා රෝගීන් 64 දෙනකු වාර්තා වන බවයි. ලෝකයේ බෝ නොවන රෝග හේතුවෙන් වාර්තා වන මරණවලින් දෙවැනි තැන හිමිවන්නේ පිළිකාවට බව කී විශේෂඥ වෛද්‍ය සුරාජ් පෙරේරා මහතා එයින් 3/1ක් වළක්වා ගත හැකි බව ද සදහන් කළේය.

ශ‍්‍රී ලංකාව තුළ පිළිකාව හේතුවෙන් සිදුවන වාර්ෂික මරණ සංඛ්‍යාව 14, 013ක් පමණ වන බව ද සුරාජ් පෙරේරා මහතා සඳහන් කළේය.

RSL

Related Posts