රනිල් – සජිත් බල අරගලය: මෙතැනින් කොතැනටද ?

Spread the love

එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක සහ වත්මන් විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතාගේ ප‍්‍රධානත්වයෙන් පිහිටුවනු ලැබූ ‘සමගි ජාතික බලවේගය’ මැතිවරණ කොමිසම විසින් පිළිගැනීමත් සමග සජිත් පාර්ශ්වය සහ රනිල් පාර්ශ්වය අතර බල අරගලය අතිෂය තියුණු වී තිබෙනවා.

මැතිවරණ කොමිෂමේ වාර්තා අනුව සමගි ජාතික බලවේගයේ සභාපතිවරයා සජිත් පේ‍්‍රමදාස මහතා වන අතර එහි ලේකම්වරයා වන්නේ රංජිත් මද්දුමබණ්ඩාර මහතායි. පක්ෂයේ මධ්‍යම කාරක සභාව ද මේ වන විට නම් කර තිබෙනවා. පක්ෂ ලකුණ ලෙස ‘හදවත’ පිළිගෙන තිබෙනවා.

සමගි ජනබලවේගය නිර්මාණය වූයේ ‘අපේ ජාතික පෙරමුණ’ යන දේශපාලන පක්ෂය පදනම් කරගෙන වන අතර එහි හිටපු සභාපතිවරයා වූයේ සේනක ද සිල්වා මහතායි. එහි ලේකම් ලෙස හිටපු පළාත් සභා මන්ත‍්‍රිනී ඩයනා ගමගේ කටයුතු කළා.

මැතිවරණ කොමිසම විසින් සමගි ජනබලවේගය දේශපාලන පක්ෂයක් වශයෙන් පිළිගැනීම සමග එහි නව සභාපතිවරයා වන සජිත් පේ‍්‍රමදාස මහතාට සහ මහ ලේකම්වරයා වන රංජිත් මද්දුමබණ්ඩාර මහතාට එරෙහිව කඩිනමින් විනය ක‍්‍රියාමාර්ග ගැනීමට එජාප නායකත්වය තීරණය කළ බවයි වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී එජාප මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා කියා සිටියේ එජාප ව්‍යවස්ථාව අනුව මහ මැතිවරණයට පක්ෂ නිල ලකුණ වන ‘අලියා’ ලකුණින් ඉවත් විය යුතු බවයි. ජනපතිවරණය සහ පළාත් සභා මැතිවරණයට එය අදාළ නොවන බව කී එජාප මහ ලේකම්වරයා මේ බව එජාප නායකයා විසින් පසුගිය කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී එහි සාමාජිකයින්ට පෙන්වා දුන් බව ද සදහන් කළා.

මේ අතර පසුගිය දා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයෙන් නෙරපා හරින ලද සිවු දෙනා අතරින් (අජිත් පී. පෙරේරා, සරත් ෆොන්සේකා, ඉමිටියාස් බාකීර් මාකර් සහ රෝසි සේනානයක) අජිත් පී. පෙරේරා මහතාට හැර සෙසු තිදෙනාට යළි කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකත්වය ලබා දීමට රනිල් වික‍්‍රමසිංහ මහතා සිය එකඟත්වය පළ කර තිබෙනවා.

රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින් එජාප නායකත්වයෙන් කළ ඉල්ලීමකට අනුව මෙම අනුමැතිය හිිමිවී ඇති අතර අජිත් පී. පෙරේරා මහතා පක්ෂ නායකත්වය අඛණ්ඩව විවේචනය කිරීම හා පක්ෂය දෙකඩ කිරීමට ඍජුව මැදිහත් වීම නිසා ඔහු එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට ‘යළි’ වද්දා නොගන්නා බවයි එජාප නායකයා පවසා ඇත්තේ.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී අජිත් පී. පෙරේරා මහතා කියා සිටියේ මේ මොහොතේ තමාට එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකත්වය ‘එතරම්’ වැදගත් නොවන බවයි. රනිල් වික‍්‍රමසිංහ මහතා තවත් වසර පහක් එජාප නායකත්වයේ ‘එල්ලී සිටීමට සූදානම් බව ද එවැනි තත්ත්වයක් තුළ ‘විකල්ප’ පියවරක් ගැනීම අත්‍යවශ්‍ය බව ද ඔහු සදහන් කළා.

RSL

Related Posts