රනිල්ට පක්ෂ දෙකක නායකත්වය

Spread the love

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පසුගිය ජනාධිපතිවරණ සමයේදී ‘අපේ ජාතික පෙරමුණ’ පක්ෂයේ සභාපතිධූරයට පත්ව තිබෙන බව එම පක්ෂට සමීප ආරංචි මාර්ග හෙළි කළා.

ඒ අනුව අපේ ජාතික පෙරමුණ පක්ෂයේ මධ්‍යම කාරක සභාව පසුගිය 2019 වසරේ සැප්තැම්බර් මස 23 වැනිදින රැස්වී නව නිලධාරී මණ්ඩලයක් තෝරාගෙන තිබෙන අතර එහි සභාපතිධූරයට රනිල් වික්‍රමසිංහ සහ ලේකම් ධූරයට රාජිත සේනාරත්න යන මහත්වරු පත් කර ගෙන තිබෙන බව සදහන් වෙනවා.

එම ආරංචි මාර්ග සදහන් කරන්නේ අපේ ජාතික පෙරමුණ පක්ෂයේ නිලධාරී මණ්ඩලයේ වෙනස්කම් සඳහන් කරමින් මැතිවරණ කොමිසන් සභාවට යැවීමට සූදානම් කර ඇති ලිපියකටද රනිල් වික්‍රමසිංහ මහතා සභාපතිවරයා ලෙස අත්සන් යොදා ඇති බවයි.

අදාළ ලිපියෙහි අපේ ජාතික පෙරමුණ පක්ෂයේ සභාපති ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ද, උප සභාපති ලෙස ආචාර්ය සේනක ද සිල්වා මහතා සහ ලේකම් ලෙස රාජිත සේනාරත්න මහතා ද පත්කර ගත්බවද සඳහන් කර තිබෙනවා.

ඊට අමතරව උපලේකම් ධූරයට ඩයනා ගමගේ, පාලක ලේකම් ධූරයට ආර්ඒ.ගටීගඒ ගුණසේකර, ප්‍රචාරක ලේකම් එච්.පී. චන්ද්‍රිකා, මුදල් ලේකම් ධූරයට තුසිත කළුපහන, අධ්‍යාපන ලේකම් ධූරයට ඒගවීගජී ප්‍රියන්ත කුමාර සෙනෙවිරත්න, සංවිධායක ලේකම් ධූරයට අනෝජ් තෙන්නකෝන් යන මහත්ම මහත්මීහු පත්කර ගත්බව එම ලිපියෙහි සඳහන් වෙනවා.

RSL

Related Posts