ඡන්ද ආධාර විදිහට අර්ජුන් ඇලෝසියස් මට සල්ලි දුන්නා-අමාත්‍ය ෆොන්සේකා කැළණියේදී පවසයි

Spread the love

මැතිවරණ ආධාර වශයෙන් අර්ජුන් ඇලෝසියස් මහතා විසින් තමාට මුදල් ලබාදුන් බව අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ කැළණිය, දළුගම ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මේ අතර කෝප් කමිටු සාමාජිකයින්ගේ දුරකථන ඇමතුම් විස්තර රහසිගතව සටහන් කෙරුණේ කවරෙකුගේ උපදෙස් මත ද යන්න පිළිබඳ අනාවරණය කළ යුතු බව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද(20) පාර්ලිමේන්තුවේදී වරප්‍රිසාද ප්‍රශ්නයක් මතුකරමින් ප්‍රකාශ කළේය.

ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී වැඩිදුරත් පෙන්වා දුන්නේ මන්ත්‍රී වරප්‍රසාද කඩවී ඇත්තේ තොරතුරු ලබා ගැනීම මත නොව එම තොරතුරු ප්‍රසිද්ධ කිරීම මඟින් බවයි.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා ප්‍රකාශ කළේ අදාළ තොරතුරු අනාවරණය වී ඇත්තේ මන්ත්‍රීවරුන්ගේ දුරකථන මඟින් ද නැතහොත් අර්ජුන් ඇලෝසියස් මහතාගේ දුරකථනය මඟින්ද යන්න පිළිබඳ පැහැදිලි කළ යුතු බවයි.

මේ අතර මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේ කෝප් කමිටු සාමාජිකයින්ගේ දුරකථන සබඳතා අනාවරණය වීම මඟින් මන්ත්‍රීවරුන්ගේ කිසිඳු වරප්‍රසාදයක් බිදවැටී නොමැති බවයි.

කෝප් කමිටු සාමාජිකයින්ගේ දුරකථන ඇමතුම් පිළිබඳ වාර්තා ඉදිරිපත් කර ඇත්තේ රහසිගත ලෙස සවන්දීමෙන් නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ද ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේ බැඳුම්කර වංචාව හේතුවෙන් රටේ ආර්ථිකයට දැඩි බලපෑම් එල්ල වූ බවයි.

RSL

Related Posts