ඕස්ට්‍රේලියාවේ සත්ත්ව විශේෂ 113 කට හදිසි තත්ත්වයක්

Spread the love

ඕස්ට්‍රේලියාවේ සත්ත්ව විශේෂ 113කට හදිසි උපකාර අවශ්‍ය වී ඇතැයි විශේෂඥ කමිටුවක් පෙන්වා දී ඇතැයි බී.බී.සී. වාර්තා කරනවා.

පසුගිය මාස කිහිපය පුරා පැතිර ගිය ලැව්ගිනි හේතුවෙන් සත්ත්ව ගහනය සහ වාසස්ථාන විනාශ වීම මෙම තත්ත්වයට බලපා ඇති බවයි විශේෂඥ කමිටු වාර්තාව පෙන්වා දෙන්නේ.

එම වාර්තාවට අනුව කුරුළු විශේෂ 13ක්, උරග විශේෂ 20ක්, අපෘෂ්ඨවංශී විශේෂ 5ක්, ක්ෂීරපායී විශේෂ 19ක්, මත්ස්‍ය විශේෂ 17ක් සහ පොකිරිස්සන් විශේෂ 22කට හදිසි උපකාර අවශ්‍ය වී තිබෙනවා.

මෙසේ ලැයිස්තු ගතකර ඇති සත්ත්ව විශේෂවල සංඛ්‍යාවෙන් සියයට 30කට පමණ ලැව්ගිනි හේතුවෙන් වාසස්ථාන අහිමි වී ඇති බවත් ලැව්ගිනිවලට ලක්ව සතුන් බිලියනයකට අධික සංඛ්‍යාවක් මියගිය බවට ගණන් බලා තිබෙනවා.

RSL

Related Posts