අපි එකතු වෙනවා හැබැයි කොන්දේසියක් මත-ඒකාබද්ධ විපක්ෂය

Spread the love

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ එක්ව කටයුතු කිරීමට නම් ආණ්ඩුවේ අමාත්‍යධූර දරන නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් ඉන් ඉවත් විය යුතු බව ඒකාබද්ධ විපක්ෂය පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි මහතා පවසන්නේ එසේ නොමැතිව ඉදිරි මැතිවරණවලදී එක්ව තරඟ කිරීමට ඒකාබද්ධ විපක්ෂය සූදානම් නොමැති බවයි.

ගම්පහ ප්‍රදේශයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ඒකාබද්ධ විපක්ෂය සන්ධාන ගතවීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගු පැනයකට පිළිතුරු දෙමින් සිසිර ජයකොඩි මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය.

ඒකාබද්ධ විපක්ෂයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ එක්වීමට කිසිඳු අවශ්‍යතාවක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා සඳහන් කළේය.

RSL

Related Posts