
ඊයේ (29) රාත්‍රිෙය් මහර බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් තුලාව ලැබූ තවත් සිරකරුවන් දෙදෙනකු මියගොස් ඇති අතර මරණ සංඛ්‍යාව ඒ අනුව 08 දක්වා ඉහළ ගොස් ඇතැයි රාගම රෝහල් ආරංචි මාර්ග පවසයි.
මේ අතර මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කර ඇත්තේ මහර බන්ධනාගාරයේ රැඳවියන්ගේ භාරයට ගත් බන්ධනාගාර නිලධාරීන් දෙදෙනාගෙන් එක් අයෙකුගේ තත්ත්වය බරපතළ බවයි.
අද (30) පෙරවරුවේ දෙරණ රූපවාහිනී නාලිකාව ඔස්සේ විකාශනය වූ ‘දෙරණ අරුණ‘ වැඩසටහන සමග දුරකථනයෙන් සම්බන්ධ වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් සදහන් කළේ මහර රිමාන්ඩ් බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් යම් කලබලකාරී තත්ත්වයක් නිර්මාණය කර ඇති අතර, පසුව තවත් රැඳවියන් පිරිසක් එක්ව බන්ධනාගාරයෙන් පළායාමට උත්සහ දැරීමේ සිද්ධියක් මුල්කර ගනිමින් ඊයේ (29) සවස මෙම නොසන්සුන්කාරී තත්ත්වය හටගත් බවයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙසේද සදහන් කළේය.
බන්ධනාගාර නිලධාරීන් සමග බහින්බස්වීමක් ඇති කර ගෙන, ඔවුන් දෙදෙනෙක්, මට බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා දැනුම් දුන් ආකාරයට, මේ රැඳවියන්ගේ භාරයට ගෙන තිබෙනවා. බන්ධනාගාරයේ ප්‍රධාන ගේට්ටුවට අමතරව තවත් ගේට්ටු ගණනාවක් තියෙනවා. ඒ ගේට්ටු බිඳගෙන ඉදිරියට ඇවිත් තියෙනවා පිටව යෑමට. මේ අවස්ථාවේ දී බලය පාවිච්චි කරලා තියෙනවා. ඔවුන්ගේ භාරයේ සිටි බන්ධනාගාර නිලධාරීන් දෙදෙනා මුදාගෙන තිබෙනවා. දැනට ඔවුන්ගෙන් එක් අයෙකුගේ තත්ත්වය බරපතළ බවට වාර්තා වෙලා තියෙනවා. මුලින්ම මේක ඊයේ හවස 5ට ඇති වුණේ. අද උදෑසන වන තෙක් පැය 14ක පමණ කාලයක් ගත වෙලා තියෙනවා. ඔවුන් ඊයේ රාත්‍රිය පුරාම විවිධාකාරයේ කටයුතු සිදුකර තියෙනවා. ගිනි තැබීම්, අලාභ කිරීම්, අනර්ථය කිරීම් ආදී කටයුතු සිදුකර තිබෙනවා.“

මේ අතර බී.බී.සී. ඇතුළු ජාත්‍යන්තර මාධ්‍ය මහර බන්ධානාගාර ගැටුම වාර්තා කළේ Sri Lanka: Six die in prison riot over Covid panic කෝවිඩ් සන්ත්‍රාසය හේතුවෙන් බන්ධනාගාර කෝලාහලයෙන් හය දෙනෙක් මිය ගියහ‘ යන ශීර්ෂපාඨය යටතේ වීම විශේෂත්වයකි.
බී.බී.සී. වාර්තාවේ මෙසේද සදහන් විය.
ශ්‍රී ලංකාවේ බන්ධනාගාර කැරැල්ලකින් ආරක්ෂක භටයන් රැඳවියන් සමඟ ගැටීම හේතුවෙන් පුද්ගලයින් 6 දෙනෙකු මියගොස් 52 දෙනෙකු තුවාල ලබා ඇතැයි බලධාරීහු පවසති.
සිරගෙවල්වල කොරෝන වෛරස් ආසාදන වැඩිවීම මධ්‍යයේ රැඳවියන් විරෝධතා දියත් කර තිබුණේ ඇප මත ඉක්මනින් නිදහස් කරන ලෙසත් වඩා හොඳ පහසුකම් ලබා දෙන ලෙසත් ය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ කියා සිටියේ මහාර බන්ධනාගාරයේ නොසන්සුන්කාරී තත්වයක් පාලනය කිරීම සඳහා ආරක්ෂකයින් බලය යෙදවූ බවයි.
රටේ ජනාකීර්ණ බන්ධනාගාර වලින් රෝගීන් 1,000 ක් පමණ වාර්තා වී තිබේ.
කෝලාහල මැඩපැවැත්වීම සඳහා බන්ධනාගාර නියාමකයින් වෙඩි තබා ඇති බව මාධ්‍ය වාර්තා පවසයි. පරිශ්‍රයේ “දැවැන්ත ගින්නක්” දුටු බව නිවැසියන් උපුටා දක්වමින් ප්‍රාදේශීය පුවත් වාර්තා කරයි.